April 27, 2024

ඊයේ පැවැති පුහුණුවේදී හයේ 05ක් සමගින් තිසරගෙන් ශතකයක්..මූලික සංචිතයේ නොසිටි ‘වනිදු’ගෙන් තුන්ඉරියව් දස්කම්

බංග්ලාදේශ තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට පිටත්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ඊයේ (11 දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණු තරගයකට සහභාගි විය. ඇන්ජලෝ මැතිව්ස්‌ගේ පිල සහ දිනේෂ් චන්දිමාල්ගේ පිල අතර පැවැති මෙම පෙරහුරු තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් මැතිව්ස්ගේ පිල පන්දුවාර 45යි පන්දු 02කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුනු 278ක් පමණි.තිසර පෙරේරා අංක පහ පිතිකරු ලෙස පැමිණ පන්දු 91 කදී හයේ පහර පහක්‌ සහ හතරේ පහර දහයක්‌ සමග ලකුණු 119 ක්‌ද, නිරෝෂන් දික්‌වැල්ල ලකුණු 56 ක්‌ද, ලබා ගත්තේය.

ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 21කට හා නායක ඇන්ජලෝ මැතිව්ස ලකුණු 12කට දැවී ගිය අතර අකිල ධනංජය පිත්තෙන් ලකුණු 22ක් සිය කණ්ඩායම වෙනුවෙන් එක් කිරීමට සමත් විය

පන්දු යැවීමේදී නුවන් ප‍්‍රදීප් ලකුණු 46කට කඩුලු 02ක් බිද හෙළිමට සමත් වු අතර මූලික සංචිතයට ඇතුළත් නොවු එහෙත් බංගලාදේශ සංචාරයේ අවසන් 16 දෙනා අතරට පැමිණ වනිදු හසරංග ලකුණු 45කට කඩුලු 02ක් දවා ගැනිමට සමත් විය.

අනතුරුව ජයග‍්‍රහණය සදහා ලකුනු 279ක ඉලක්කයක් හඹා ගිය දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කන්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 41කදි කඩුලු 08ක් දැවී ලකුනු 273 ක්‌ රැස්‌කරගෙන සිටියේය.

එහිදී චන්දිමාල්ගේ කන්ඩායම වෙනුවෙන් වනිදු හසරංග ජාතික කණ්ඩායමට තම කැදවීම නිවැරදි තීරණයක් බව සනාථ කරමින් ලකුණු 70ක් ලබා ගැනීමට සමත් වු අතර බංගලාදේශ සංචිතයට නම් නොවු ධනංජයද සිල්වා ලකුණු 47ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී දස්කම් දැක්වු අකිල ධනංජය ලකුණු 81කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය

ලකුණු තත්ත්වය

මැතිව්ස්‌ගේ පිල පන්දුවාර 45.2 කදී සියල්ල දැවී ලකුණු 278 යි. (තිසර පෙරේරා 119, නිරෝෂන් දික්‌වැල්ල 56, මැතිව්ස්‌ 12, උපුල් තරංග 21, අකිල ධනංජය 22, නුවන් ප්‍රදිප් 46/2, වනිදු හසරංග 45/2)

චන්දිමාල්ගේ පිල පන්දුවාර 41 කදී කඩුලු 8 කට ලකුණු 273 යි. (වනිදු හසරංග 70, ධනංජය ද සිල්වා 47, කුසල් මෙන්ඩිස්‌ 39, දිනේෂ් චන්දිමාල් 24, අකිල ධනංජය 4/81)

Rate this item
(0 votes)