April 27, 2024

මාලිංග ගැන සතුටුයි.. මහේල සංගාගේ සේවයත් ලබා ගන්නවා.. හතුරුසිංහ ලෝක කුසලානයට ඉව අල්ලයි

December 29, 2017

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා, බංග්ලාදේශ සංචාරය සඳහා නම්කරන ලද එක්දින සංචිතයේ ක්‍රීඩකයන් සමග ඊයේ (28 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු පුහුණු සැසියට සහභාගි විය.

ජනවාරි මස 15 වැනිදා බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග පැවැත්වෙන තුන්කොන් තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම පුහුණු සැසිය ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 23 දෙනාම ඊට සහභාගි වී සිටියහ.

ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව නොමැති ලසිත් මාලිංගද අද පැවැති පුහුණු සැසියට සහභාගි වී සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග ප්‍රථම වරට පුහුණු සැසියකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බංගලාදේශ සංචාරය පමණක් අභියෝගයක් ලෙස නොසලකන බවත්, සිය අභියෝගය ලෝක කුසලානය ජය ගැනීම බවත් පැවසීය

තවද වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගොඩනැගීම සඳහා මනෝ චිකිත්සකවරයෙකුගේ සහාය ලබාගන්නා බවයි.

ඔහු එසේ පුහුණුවීම ආරම්භ කළේ, ලබන වසර මුල බංග්ලාදේශයේ පැවැත්වෙන එක්දින තරගාවලියට තෝරාගෙන ඇති 23 දෙනෙකුගෙන් යුත් මුලික සංචිතය සමගය.

පුහුණුකරු වශයෙන් වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ප්‍රශ්න 40 ක් ලබා දී තිබිණ.ඕස්ට්‍රේලියානු ජාතික මනෝ චිකිත්සකවරයෙකු වන වෛද්‍ය ෆිල් ජෝන්සි ගේ සේවය ලබාගැනීමට තමන් බලාපොරොත්තු වන බව ඒ පිළිබඳව විමසු අවස්ථාවේ ඔහු කියා සිටියේය.

“මට මයික් හසී (හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක) තමයි මෙම මනෝ චිකිත්සකවරයා හඳුන්වලා දුන්නේ. මම සිඩ්නි කණ්ඩායම පුහුණුකරන කොට. ඊට පස්සේ බංග්ලාදේශයේදීත් ඔහුව මම යොදාගත්තා. ශ්‍රී ලංකාවටත් ඔහුගේ සේවය වසරකට අවස්ථා හතරක් විතර ලබාගන්න බලාපොරොත්තු වෙනවා.”

ක්‍රීඩකයන් හඳුනාගැනීමේ පියවරක් ලෙස අදාළ මනෝ චිකිත්සකවරයා ක්‍රීඩකයන්ට ප්‍රශ්නාවලියක් ලබාදුන් බවත් ඔහු පැවසීය.

2010 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ධුරයෙන් ඉවත්කළ පසුව නැවත ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ වසර හතකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කණ්ඩායම පුහුණුකිරීමට ලැබීම ගැන ඉතා සතුටට පත්වන බවත් චන්දික හතුරුසිංහ සඳහන් කළේය.

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමට තරගාවලියෙන් තරගාවලියට නායකයෙකු පත්කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය ගැන විමසීමේදී නව පුහුණුකරු කියා සිටියේ ස්ථිර නායකයකු සිටීම තමන්ටත් අදාළ නායකයාටත් පහසු වනු ඇති බවය.

“අපිට ලේසි වෙයි. නමුත් අපිට පොඩි අඩි තියල තමයි ඉස්සෙල්ලම ඉස්සරහට යන්න වෙන්නේ. මට මේ අවස්ථාවේ ඒ ගැන කියන්න තරම් තොරතුරැ නැහැ.”

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නිතිය අනුව පුහුණුකරුවකුට තේරීම්වලට නිල වශයෙන් සම්බන්ධ විය නොහැකි බව පැවසූ චන්දික හතුරුසිංහ කෙසේ නමුත් තමන්ට සවන් දෙන බව තේරීම් කමිටුව පවසා ඇති බවත් සඳහන් කළේය.

“මම කියන ඒවා ඒගොල්ලෝ අහනවා කියල තියෙනවා. ඊට අමතරව තරගාවලියක් අතරතුර කණ්ඩායමේ 11 දෙනා තෝරන්න මාව දාන්න පුළුවන් ක්‍රිකට් නීතියට අනුව.”

මේවන විට ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස සංචිතයේ ස්ථානය අහිමිව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද පුහුණු වීම් වලට එක්ව සිටියේය. ලසිත් මාලිංග ස්වේච්ඡාවෙන් පුහුණුවීම් වලට සම්බන්ධවීම අගය කරන බව ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ නව පුහුණුකරු පැවසීය.

ලසිත් මාලිංග සංචිතයේ නැත්තේ මන්දැයි යන්න තේරීම් කමිටුවෙන් විමසිය යුතු බව ඒ පිළිබඳව මතු වූ ප්‍රශ්නයකට ඔහුගේ ප්‍රතිචාරය විය.

කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන්ගේ සේවය ද කණ්ඩායම පුහුණු කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවල ලබාගැනීමට බලාපොරොත්තු වන බව චන්දික හතුරුසිංහ වැඩිදුරටත් පැවසීය.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ පසුගිය දෙසැම්බර් 20 වෙනි දින නව පදවියේ කටයුතු ආරම්භ කළේය.

හතුරුසිංහ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් දැක්වු අදහස්..

”ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරු වීමට පිළිබවදව මට ගොඩක් සතුටුයි.ඒ වගේම මම හිතනවා මම නැවතත් නිවැරදි වෙලාවට පැමිණියා කියලා.මා තුළත් ලොකු උනන්දුවක් තියනවා මේ වෙලාවේ කණ්ඩායමට මගේ දැනුම දෙන්න..

මගේ රටේ ජාතික කණ්ඩායමේ පුහුණුකරු වෙන්න ලැබීම ඉතාමත් ගෞරවයක්.ඒ වගේම දැඩි වගකීමක්.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයින්ට, ජනමාධ්‍යට මෙහිදී මම ස්තූතිවන්ත වනවා.

මට ආත්මවිශ්වාසයක් තකියනවා ශ‍්‍රී ලංකා පිල හොද තත්වයකට ගේන්න පුලුවන් කියලා.මෙම සංචිතයේ දක්ෂ ක‍්‍රීඩකයින් ඉන්නවා.මට සීයයට සියයක විශ්වාසයක් තියනාව හොදින් ඉදිරියට යන්න පුලුවන් කියලා.

පළමු දිනය වන අද මම ඉදිරියට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබදව අබබෝධයක් ලබා ගත්තා.මූලිකව කරුණු හතරක් පිළිබදව අවධානය යොුමු කරනවා.එකක් තමයි දග පන්දු යැවීම,පන්දුවට පහරදීම, ඉන් පසුව වේග පන්දු යවන්නන් පිළිබදව,ඒ වගේම පන්දු රැුකීම .ඉදිරි දිනවලදී මේ පිළිබදව ඉදිරියට කටයුතු කරනවා.

මම කණ්ඩායමේ සමස්තය පිළිබදව සැලකිලිමත් විය යුතුයි.පන්දු රැුකීමට විශේෂ වැදගත්කමක් තියනවා.උඩ පන්දු අත හැරුණොත් එය තරගය පරාජය වෙන්න ප‍්‍රධාන හේතුවක් වෙන්න පුලුවන්.

ප‍්‍රධානතම කරුණ තමයි අපේ පුහුණු ක‍්‍රීයාපිළිවෙත වෙනස් කරන්න ඔ්න.අපි හොදින් ක‍්‍රීඩා කරන්න නම් ආත්මවිශ්වාසය ගොඩනගා ගන්න ඔ්න.ඒ සදහා පුහුණුවීම ඉතා වැදගත්.ඒ සදහා වන පරිසරය වගේ දේවල් ඉතාමත් ඉක්මනට වෙනස් කළ යුතුයි.

බංගලාදේශයට නැවත යාමට ලැබීම ගැන මම ගොඩක් සතුටුවෙනවා.ඒ වගේම එය විශාල අභියෝගයක්.මොකද බංගලාාදේශ පිල පසුගිය වසර දෙකක පමණ කාලයේ ඔවුන්ගේ රටේදි ගොඩක් ප‍්‍රබලයි.සිම්බාබ්වේ කණ්ඩායමත් වඩාත් හොද කණ්ඩායමක්.අනිවාර්්‍යයෙන්ම අභියෝගයක්.

මම ගොඩක් සතුටුයි ක‍්‍රිඩකයින්ගේ උනන්දුව ගැන.ඒ වගේම මට තේරුණා මගේ අදහස්වලට ඔවුන් කැමතියි කියලා.

මට බංගලාදේශ තරගාවලිය පමණක් නෙවෙයි තියෙන්නේ.එහෙම වුණොත් තරගාවලියෙන් තරගාවලියට යන්න වෙනවා.නමුත් මම එහෙම නෙවෙයි බලන්නේ.එහෙම උනොත් අපි ඊයේ වෙච්ච සහ හෙට සිදුවන දේට වැඩියෙන් උනන්දු වෙනවා.නමුත් මම එහෙම බලන්නෙ නෑ.මගේ අභියෝගය මෙම කණ්ඩායමේ දක්ෂතාව උපරිම තලයට ගෙන ඒමයි.මගේ අවධානය සුදු පන්දුවෙන් ක‍්‍රීඩා කරන ලෝක කුසලාන තරගාවලියයි..”

Rate this item
(1 Vote)