April 26, 2024

කොදෙව්වන් පැරදූ කිවියන් තරගාවලියේ පෙරමුණ ගනියි ..

December 21, 2017

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත් පළමු තරගයෙන් කඩුලු 05ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ(20) සමත් විය.ඒ අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස නවසිලන්තය පෙරමුණේ පසුවෙයි.

ජයග‍්‍රහණය සදහා ලකුණු 249ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 04ක් ඉතිරිව තිබියදී ජයග‍්‍රහණය කිරීමට සමත්විය.

එහිදී ආරම්භක පිතිකරු ජෝජ් වොකර් අර්ධ ශතකයක් රැුස් කරමින් ලකුණු 57ක් රැුස් කළ අතර කොලීන් මුන්රෝ සමග එක්වෙමින් පළමු කඩුල්ල සදහා ලකුණු 108ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්විය.

ප‍්‍රහාරාත්මක පිතිහරඹයක් දියත් කළ කොලීන් මුන්රෝ පන්දු 36කදී හතරේ පහර 08ක් සමගින් ලකුණු 49ක් රැුස් කිරීමට සමත්විය.

නොදැවුණු ඉනිමක් ක‍්‍රීඩා කරමින් අවසන් ටෙස්ට් තරගයේ වීරයා සම්මානය හිමිකරගත් රොස් ටෙලර් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැදවාගෙන යමින් ලකුණු 49ක් රැස් කළේය.

පන්දු යැවීමේදි ඇෂ්ලි නර්ස් හා ජේසන් හෝල්ඩර් කඩුලු 02 බැගින් බිද හෙළු අතර විලියමර්ස් එක් කඩුල්ලක් බිද හෙළිය.

නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුලු 09කට ලකුණු 248ක් රැුස් කරගත්හ.එහිදී ආරම්භක පිතිකරු එවින් ලුවිස් එක් හයේ පහරක් හා හතරේ පහර 07ක් සමගින් ලකුණු 76ක් රැුස් කළේය.

කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වු රෝවන් පවෙල් කඩා වැටුණු මැද පෙළ ශක්තිමත් කරමින් විශිෂ්ට ලකුණු 59ක් රැුස් කළෙ දැවැන්ත හයේ පහර 04ක් සමගින්.

පන්දු යැවීමේදී ඩග් බ‍්‍රාස්වෙල් කඩුලු 04ක්ද ටොඩ් ඇස්ල් කඩුලු 03ක් බිද හෙළිය.තරගයේ වීරයා සම්මානය ඩග් බ‍්‍රාස්වේල් ට හිිමිවිය.

Rate this item
(0 votes)