April 27, 2024

ඉන්දියාව ඉහළම විස්සයි20 ජය ලබයි..

December 21, 2017

තම 100 වන තරඟය ඉන්දියාවට අමතක නොවන තරඟයක් බවට පත් කරමින් ඉන්දියානු කණ්ඩායම විස්සයි විස්ස තරගයකදි ලද හොදම ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවස්තාව දුන් අතර .ඒ අනුව තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දියානු කණ්ඩායම සමත් විය

ජයග‍්‍රහණය සදහා ලකුණු 181ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට තම පන්දුවාර 20 තුළවත් පිටියේ සිටීමට අසමත් වෙමින් පන්දුවාර 16ක් තුළ සියලු දෙනා දැවි ලබාගත හැකි වුයේ ලකුණු 87ක් පමණි.

ශ‍්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වු ශ්‍රී ලංකාව ක්‍රීඩා කල පළමු T20 තරඟය සහ 100 වන T20 තරඟයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලද උපුල් තරංග හයේ පහර 02ක් හා එක් හතරේ පහරක් සමගින් පන්දු 16කදී ලකුණ 23ක් රැස් කළේය.

අනෙකුත් කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සිමාව පසුකිරීමට ඉන්දීය පන්දුයවන්නෝ ඉඩ නොදුන් අතර මාස 09කට පසුව පිටියට පිවිසි කුසල් පෙරේරා හට ලබාගත හැකි වුයේ පන්දු 28 කදී ලකුණු 19ක් පමණි.

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවිමට නිරත වු දග පන්දු යවන ක‍්‍රීඩක යුෂ්වෙන්ද‍්‍ර චහාල් ශ‍්‍රී ලංකා පිතිකරුවන් අසරණ කරමින් ලකුණු 23කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් වු අතර මෙම වසර තුල විස්සයි විස්ස තරගවල කඩලු 19ක් ලබා ගනිමින් වසරේ වැඩිම T20 කඩුලු ලාභියා ලෙස වාර්තා පොත් අතරටද එක්විය. හර්දීක් පාන්ඩ්‍යා ලකුණු 29කට කඩුලු 03ක්ද කුල්දීප් යාදව් ලකුණු 18කට කඩුලු 02ක්ද බිද හෙලුහ.

තිසර පෙරේරාගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් ලබාගත්අතර ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලෝකේෂ් රාහුල්, පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් සිය දෙවැනි විස්සයි20 අර්ධ ශතකය ලබාගත්තේය. ශ්‍රෙයාස් අයියර් (24) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගයද ඉහළ දැමීමටද රාහුල් සමත් විය.

නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් ශ්‍රෙයාස් අයියර් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. අයියර්ගේ දැවීයෑමෙන් අනතුරුව ඉන්දීය ලකුණු පුවරුවට තවත් ලකුණු 11 ක් එක් වෙද්දී ලෝකේෂ් රාහුල් පිටියෙන් ඉවත් කිරීමට තිසර පෙරේරා සමත් විය.

ලකුණු 23 ක් ලබා සිටියදී ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් රාහුල් දැවීගිය බවට ප්‍රධාන විනිසුර තීරණය කළේය. එහෙත් එම තීරණයෙන් නොසතුටට පත්වූ රාහුල්, එය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කළ අතර පන්දුව කඩුල්ලෙන් ඉවතට ඇදී යන බව නිරීක්ෂණය කළ තෙවැනි විනිසුරු ඔහු දැවීගිය ක්‍රීඩකයෙක් නොවන බවට සංඥා කළේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු හමුවේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 39) සහ මනීෂ් පාණ්ඬේ (නොදැවී 32) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ අතර පන්දු 22 කට මුහුණදුන් දෝනි හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 18 කදී වාර්තා වූ පාණ්ඬේගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 38 ක් වන විට ලකුණු 17 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පිටියෙන් ඉවත් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි දුෂ්මන්ත චමීර අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ශර්මාගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත්වී තිබිණ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැවත නැවත පෙන්වන දුර්වලතාවය වන අවසන් පන්දුවාර යැවීමේ අසමත් බව මෙම තරඟයේ පරාජයටද ලොකු හේතුවක් වූ අතර තම කණ්ඩායමට සමරු තරඟයක් කර ගැනීමට තිබු තම 100 වන තරඟය ඉන්දීය කණ්ඩායමට සමරු තරඟයක් කල ශ්‍රී ලංකාව ලැබූ මෙම පරාජය ශ්‍රී ලංකාව ලැබූ දරුණුම පරාජය ලෙස වාර්තා ගත වූ අතර ඊයේ ලකුණු 93කින් පරාජය වන්නට පෙර ශ්‍රී ලංකාව ලැබූ ඉහලම පරාජය ලෙස වාර්තා වුනේ 2016 දී ඔස්ට්‍රේලියාව හමුවේ ලැබූ ලකුණු 85 ක පරාජයයි.
ඉන්දියාව ලැබූ ඉහලම T 20 ජය මෙය වන අතර මීට පෙර 2012 දී එංගලන්තය ලකුණු 90 කින් පරාජය කිරීම ඉන්දියාවේ ඉහලම ජය ලෙස වාර්තා ගත වී තිබිණි.

T 20 තරඟ වල කඩුලු රකින්නෙකු ලෙස වැඩිම දාවාගනීම් ගණනකට සම්බන්ද වීමේ ලෝක වාර්තාවට මෙම තරඟයේ ශ්‍රී ලංකා පිතිකරුවන් අතින් MS දෝණි වෙත පිරිනැමුණ අතර මීට පෙර T20 වැඩිම දවාගැනීම් වලට සම්භන්ද වී සිටියේ AB ඩිවිලියස් වන අතර ඔහු දවාගැනීම් 72කට සම්භන්ද වෙද්දී දෝණිට ඊයේ ලැබුන දවාගැනීම් අවස්ථා හතර සමඟ ඔහු දවාගනීම් 74 කට සම්බන්ද වී ඇත.

Rate this item
(0 votes)