April 26, 2024

‘තිසර – දෝනි’ සුවිශේෂී කඩඉමක් අභියස.

December 20, 2017

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පළමු T20 තරඟය අද කටක් හිදී පැවැත්වීමට නියමිතය.තරඟය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වනවා සේම කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තම ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂ කඩයිම් අභියස සිටින නිසා මෙම තරඟය එම ක්‍රීඩකයන්ට වඩාත් වැදගත් වේ.

ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක MS දෝණි මෙම තරඟයේ කඩුලු තුනක් දවාගැනීම් වලට සහය වීමට සමත් වුවහොත් ඔහු T20 වැඩිම කඩුලු ප්‍රමාණය දවාගැනීමට සමත් වූ කඩුලු රකින්නා බවට පත්වීමට නියමිතය.දැනට මෙම ලෝක වාර්තාවේ හිමිකරු වන්නේ AB ඩිවිලියස් වන අතර ඔහු කඩුලු රකින්නෙකු ලෙස දවාගැනීම් 72කට දායක වී ඇති අතර ,දෝණි මේ වනවිට දවාගනීම් 70 කට දායක වී දෙවන ස්ථානයේ සිටින අතර තෙවන තැන සිටින කුමාර සංගක්කාර දවාගනීම් 45 කට දායක වී ඇත.

ශ්‍රී ලංකා T20 නායක තිසර පෙරේරා තරඟාවලිය ආරම්භ කරන්නේ T20 කඩුලු 45ක් ලබාගෙන වන අතර ඔහු මෙම තරඟ තුන තුල කඩුලු 5ක් ලබා ගැනීමට සමත් වන්නේ නම් ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 කඩුලු 50 ලබාගත් සිව් වන පන්දු යවන්නා මෙන්ම ලෝකයේ 27 වන පන්දු යවන්නා බවටද පත්වේ.

ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක යෂ්වෙන්ද්‍ර චහල් මෙම තරගාවලියේ කඩුලු තුනක් ලබාගැනීමට සමත් වන්නේ නම් ඔහු මෙම වසර තුල වැඩිම T20 කඩුලු ලාභියා බවට පත්වන අතර දැනට මෙම සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන් සහ කොදෙව් ක්‍රීඩක කෙශ්‍රිර්ක් විලියම්ස් වන අතර ඔවුන් දෙදෙනා මේ වනවිට කඩුලු 17ක් ලබා සිටින අතර චහාල් මේ වනවිට මෙම වසර තුල T20 කඩුලු 15 ක් දවා ගෙන ඇත.

ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා  සහභාගී වන්නේ ඉන්දියාවට එරෙහිව සහභාගී වන 8වන T20 තරඟය වන අතර තිසරට වඩා T20 තරඟ සඳහා ක්‍රීඩා කර ඇත්තේ තිලකරත්න දිල්ශාන් පමණක් වන අතර ඔහු T20 තරඟ 9ක් ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කර ඇත.

මෙම තරගාවලියේ දී ඉන්දියානු වේගපන්දු යවන ක‍්‍රිඩක ජස්ප‍්‍රීත් බූම්රා කඩුලු 04ක් දවා ගැනීමට සමත්වුවහොත් ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගවල කඩුලු 100 කඩඉම පසුකීරීමේ අවස්තාව හිමිවනු ඇතියි.මේ වන විට එක්දින කඩුලු 56ක් හා විස්සයි විස්ස කඩුලු 40ක් ලෙස කඩුලු 96ක් බුම්රා බිද හෙළා ඇත.

නුවන් ප‍්‍රදීප් ජාත්‍යන්තර තරගවල මේ වන විට කඩුලු 98ක් දවාගෙන ඇති අතර කඩුලු 100 කඩඉම පසුකිරීම සදහා ඔහුට තවත් කඩුලු 02ක් අවශව ඇත.ටෙස්ට් කඩුලු 70ක් හා එක්දින කඩුලු 28ක් දවා ගෙන ඇති ප‍්‍රදීප් විස්සයි විස්ස තරග 02කට සහභාගී වි ඇති අතර කඩුලු බිද හෙළිමට සමත්ව නැත.

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් හයේ පහර 250ක් එල්ල කළ තෙවැනි ඉන්දියානු පිතිකරුවා බවට පත්වීමට ඉන්දියානු කන්ඩායමේ නායක රෝහිත් ශර්මාට තවත් හයේ පහර 03ක් අවශව ඇත.
මහේන්ද‍්‍ර සිං දෝනි (327) හා සචින් තෙන්දුල්කාර් (264) හයේ පහර 250 සීමාව පසුව අනෙකුත් ඉන්දීය පිතිකරුවන් දෙදෙනා වෙයි.

Rate this item
(0 votes)