March 19, 2024

SLPL T20 තරඟාවලිය නැවතත්….

December 14, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සිටින පසුගාමී තත්වයට එක හේතුවක් ලෙසට ඇතැමුන් පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පළමුපෙළ තරඟකාරීත්වය අඩුවීමය.මෙම තත්වය ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩකයන් පැමිණීමේදී මෙන්ම සීමිත පන්දුවාර තරඟ සඳහා ක්‍රීඩකයන් කණ්ඩායමට පැමිනීමේදීද දැඩි බලපෑමක් වී ඇත.

ඉන්දීය කණ්ඩායම මෑත කාලීනව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබා තිබෙන දැඩි දියුණුවට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් සතු ශක්තිමත් පළමුපෙළ තරඟාවලි සහ ලෝකයේ වඩාත්ම තරඟකාරී IPL තරඟාවලිය හේතුවක් වී ඇති බව ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.

ඉන්දීය කණ්ඩායමට පැමිණෙන තරුණ ක්‍රීඩකයන් ඉතා ඉක්මනින් ජාත්‍යන්තර තලයට හැඩ ගැසෙන්නේ ඔවුන් IPL කණ්ඩායම් වල ලෝකයේ ප්‍රබල ක්‍රීඩකයන් සමඟ එකම කණ්ඩායම් වල ක්‍රීඩා කිරීමෙන් ලැබෙන අත්දැකීම් නිසා බවට මතු කරන තර්කය ඉතා සාධාරණය.

ඉන්දියාව  ප්‍රිමියර් ලීග් තරගාවලිය පටන් ගෙන වසර 5 කට පසු (2012 දී) ශ්‍රී ලංකාව විසින් ද ප්‍රිමියර් ලීග් තරගාවලියක්‌ පටන් ගන්නා ලදී. ඇත්තටම ශ්‍රී ලංකාව සැලසුම් කර තිබුණේ 2011 දී මෙම තරගාවලිය ඇරඹීමටය. එහෙත් එය 2012 ට කල් ගියේය. 2013 සහ 2014 අවුරුදුවල තරගාවලිය පවත්වන්නට ගිය නමුදු එය වැළකී ගියේය. ඉන් පසු යළි කවදාවත් ප්‍රිමියර් ලීග් තරගයක්‌ ලංකාවේදී නොපවත්වන ලදී. ඒ වෙනුවට T 20 තරගය හඳුන්වා දෙන ලදී. එය අන්තර් පළාත් ක්‍රිකට්‌ තරගාවලියකි.

මේ වන විට විදෙස්ඉ ක්‍රීඩකයන් සම්භන්ද කරගෙන T20 තරඟාවලි පවත්වන්නේ ඉන්දියාව පමණක් නොව බටහිර ඉන්දීය කොදෙව්,පාකිස්ථානය,ඔස්ට්‍රේලියාව,එංගලන්තය,නවසීලන්තය,බංගලාදේශය දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානයද මෙම තරඟාවලි වෙත යොමුවී ඇත.

මෙවැනි තරඟාවලියක වාසිය මුදලින් පමණක් මනින ශ්‍රී ලංකාව 2012න් පසුව මෙවැනි තරඟාවලියක් කෙරෙහි අවධානය යොමු කරන බවක් පසුගිය කාලයේ දක්නට නොලැබුන අතර 2019 වසරේ අගෝස්තු සැප්තැම්බර් මාස වල නැවත නතර වී තිබෙන SLPL පණගැන්වීමේ අදහසක් ක්‍රිකට් ආයතනයට ඇති බව පසුගියදා දැනගන්නට ලැබුන අතර තවමත් ඒ පිළිබඳව නිල වශයෙන් ක්‍රිකට් ආයතන ප්‍රකාශයක් නිකුත් කර නැත.

2012 වසරේ පැවති තරඟාවලියේ අපේක්ෂිත ආදායම ලබාගැනීමට නොහැකිවීම මත මෙතෙක් කලක් අත්හැර දමා තිබු SLPL සඳහා ඉන්දීය ක්‍රීඩකයන්ද සම්බන්ද කර ගැනීමට හැකියාවක් ලැබෙනවානම් හොඳ අනුග්‍රාහක ශක්තියක් සහිතව තරඟාවලිය පැවැත්වීමේ හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකාවට ඇත.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති වරයා පවසා තිබුනේ මේ ගැන කතා කලද තවම අවසන් තීරණයක් ගෙන නොමැති බවය.

විශාල මුදලක් සොයාගත හැකි තරුණ ක්‍රීඩකයන් රැසක් ජාත්‍යන්තරයට නිරාවරණය කල හැකි මෙවැනි සංකල්පයක් ක්‍රියාත්මක කිරීම සඳහා හොඳ සැලසුමක් අනුව ක්‍රියාත්මක වීම ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සතු වගකීමකි.

Rate this item
(0 votes)