April 27, 2024

මැතිව්ස් ශ්‍රී ලංකාව අවමානයෙන් බේරා ගනී…

December 14, 2017

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරඟයේ සම්පුර්ණ පාලනය ඉන්දීය පිතිකරුවන් විසින් වේලාසනම අත් කර ගැනීමත් සමඟ දෙවැනි එක්දින තරඟය නිමා වුයේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් අත්කර දෙමිනි.

කාසිය වාසිය දිනාගනිමින් මෙවරත් පළමුව පන්දුවට පහරදීමේ අවසථාව ඉන්දීය කණ්ඩායමට පැවරුවද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමේ හොඳ පදනමක් දැමු ශිකර් ධවාන් සහ රෝහිත් ශර්මා දෙදෙන පළමු කඩුල්ල සඳහා ලකුණු 115 ක සම්බන්දතාවය සජිත් පතිරණ බිඳ දැමුවද නායක ශර්මා සමඟ එකතු වූ සායර් අයර් ශ්‍රී ලංකා පන්දු යවන්නට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම මත ඉන්දීය ඉනිම අවසන් වුනේ පන්දුවාර 50 ට ලකුණු 392/3 ක් ලබා ගනිමිනි.

රෝහිත් ශර්මා ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් දෙවන ද්විත්ව ශතකය මෙන්ම තම එක්දින දිවියේ තෙවන ද්විත්ව ශතකය ලබාගැනීමට සමත් වූ අතර රෝහිත් ලබාගත් මෙම ද්විත්ව ශතකයට හතරේ පහර 13ක් සහ හයේ පහර 12ක් ලබා ගැනීමට සමත් වූ අතර නවක ක්‍රීඩක අයර්ද පන්දු 70 ක් තුල ලකුණු 88 ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් හැර සියලු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර තිසර කඩුලු 3ක් දවාගත් අතර නුවන් ප්‍රදීප් පන්දු යැවීමෙන් ශතකයක් ලබා දෙමින් පන්දුවාර 10 තුල ලකුණු 106ක් ඉන්දීය පිතිකරුවන්ට ලබාදී තිබිණි.

ලකුණු 393 ක ඉලක්කය හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු ඉක්මනින් බිඳ වැටෙද්දී එක අන්තයක් ආරක්ෂා කර ගනිමින් ඇන්ජලෝ මැතිව්ස් ශතකයක් ලබාගත්තේ ශ්‍රී ලංකාවට අත්වීමට තිබු අවමන් සහගත පරාජයකින් ශ්‍රී ලංකාව බේරා ගනිමිනි.

මැතිව්ස් මේ තරඟයේ දී ලකුණු 5000 සීමාව පසුකර ගිය අතර ඔහු තරඟය නිමාවන විට නොදැවී ලකුණු 111 ක් ලබාගෙන සිටි අතර ශ්‍රී ලංකා ඉනිමේ වෙනත් කිසිම පිතිකරුවෙකු අර්ධ ශතකයේ සීමාවට හෝ පැමිණීමට අසමත් වූ අතර කලකට පසුව ජාත්‍යන්තර තරඟයක පිතිහරඹයේ යෙදුන අසේල ගුණරත්න වේගවත් ලකුණු 34ක් ලබාගත් අතර දෝණිගේ ස්ටම්ප් කිරීම හමුවේ ඔහු දැවී යාම ශ්‍රී ලංකා මැදපෙලට දැඩි පාඩුවක් වූ අතර මෙම තරඟයේද සුපුරුදු පරිදි අසාර්ථක වූ ලහිරු තිරිමාන්න පන්දු 35 කදී ලකුණු 21 ක් ලබාගෙන නවක ක්‍රීඩක වොෂින්ටන් සුන්දර්ගේ ගොදුරක් බවට පත්විය.

තරඟාවලිය මේ වනවිට 1-1 ලෙස සම තත්වයට පත්ව ඇත.

Rate this item
(0 votes)