April 26, 2024

‘සුරංග ට ප‍්‍රතිවාදියා කවුරු උනත් වැදගත් නෑ.. ඔහු විශිෂ්ටයි’.. පොතාස් සුරංග ගැන කියපු කතාව මෙන්න

December 11, 2017

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් ඉන්දිායනු සංචාරයේ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයත් එක්දින තරගාවලියේ පළමු තරගයේදීත් විශිෂ්ට දස්කම් දැකවුවේ ප‍්‍රබල ඉන්දීය පිතිකරුවන් ඉතා අසරණ තත්වයකට පත් කරමින්.

සුරංගගේ එම දක්ෂතාව හේතුවෙන් පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව නිමා කරගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින තරගයෙන් වාර්තාගත ජයග‍්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

මේ පිළිබදව අදහස් දක්වන ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මහතා ප‍්‍රකාශ කර සිටියේ සුරංග ලක්මාල් ලෝකයේ සිටින දක්ෂ පන්දුයවන්නකු බවයි.වේග පන්දුයවන්නනට උචිත තනතීරුවල ඔහු සෑමවිටම සාර්ථක වන බවත් ප‍්‍රකාශ කර සිටියා.

‘සුරංග කියන්නේ ලෝකයේ සිටින දක්ෂ පන්දුයවන්නෙක්..වේග පන්දුයවන්නන් උචිත තනතීරුවලදී සුරංගට ප‍්‍රතිවාදියා කවුරු උනත් වැඩක් නෑ..ඔහු හැමවෙලෙම වෙනසක් කිරීමට උත්සාහ කරන කෙනෙක්..ඔහුට කොළ පාට තනතීරුවක් ලැබුනොත් ඉතාමත් විශිෂ්ට ලෙස පන්දු යවනවා..මෙම වසරේ මුල කාලයේ දකුණු අප‍්‍රිකානු කන්ඩායම සමග පැවැති තරගයේ සුරංගගේ පන්දුයැවීම හොදම තත්වයේ තිබුණා.ඔහු ඔහුගේ උපරිම දායකත්වය කණ්ඩායම වෙනුවෙන් ලබා දෙනවා’

එහිදී පොත්ස් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පිළිබදව මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි අතර ඔහුපවසා සිටියේ ඔහු යළිත් ඔහුගේ තුන්ඉරියව් කාර්ය සදහා අවතීර්ණ වී ඇති බවයි.

‘ඇන්ජලෝ යළිත් තුන්ඉරියව්වෙන් වැඩ පටන් අරගෙන තියෙන්නේ..භෞතික චිකිත්සකවරයා හැමවෙලාවෙම ඔහුත් එක්ක ඉන්නවා..ඔහු විශිෂ්ට දස්කම් දක්වන්නෙක්..ඊයේ ඔහු පිත්ත හසුරපු විදියට අපිට ඔහු කොච්චර වැදගත් ද කියල පෙන්නුවා..’

මේ අතර ඊයේ තරගයේ ඉන්දියානු කණ්ඩායමෙන් තරගය ගිලිහිී ගිය අවස්ථා 02ක් පිළිබදවද පොතාස් මාධ්‍ය හමුවේදී හෙළි කර සිටියා.

‘මම විශ්වාස කරන විදියට ඊයේ මැච් එකේ තීරණාත්මක අවස්ථා 02ක් මම දකිනවා..එක් කරුණත් තමයි කාසියේ වාසිය..අනෙක් එක තමයි උපුල් ලකුණු 11දී නිපන්දුවකට දැවී යාම..ඒක දැවී ගියානම් අපේ කඩුලු තුනක් ලකුණු 15කදී වැටෙනවා..අඩු ලකුණු සංඛ්‍යාවක් හඹා යන විට ඒක ලොකු පීඩනයක්’ යැයි පෝතාස් පැවසීය

Rate this item
(0 votes)