May 09, 2024

තරගයේ වීරයා ‘සුරංග’ යළි අසනීප වෙයි..

December 11, 2017

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් තම රටේදී රැස් කරන ලද තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාවට හිර කරමින් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා හේතු කොටගෙන මෙම වසර තුළදී නොකඩවා එක්දින තරග 12ක් පරාජය ලබමින් ජයග්‍රාහී නියඟයෙන් පසුවූ ශ්‍රී ලංකා පිල යළි ජය මාවතට පිවිසියේ ඊයේ ඉන්දියාවට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

ඉන්දියාවට එරෙහි ධර්ම්සාලාහි ඊයේ පැවැති පළමු එක්දින තරගයේ වීරයා වු ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් තරගයෙන් පසුව නැවතත් අසනීප තත්ත්වය උත්සන්න වී තිබේ.

සුරංග තරගය අතරතුර ක‍්‍රිඩාංගණයේදී තුන් වරයක් වමනය දමා ඇති අතර පන්දුය යැවීමෙන් පසුව විවේකාගාරයේදී ද වමනය දමා තිබේ.

අසනීප තත්වයෙන් පසු සුරංග ඊයේ පෙරවරුව වන විට සම්පූර්ණ සුව ලබා නොසිටියත් කණ්ඩායම් හැගීම නිසා ඔහු තරගයට ක‍්‍රීඩා කර තිබේ.ක‍්‍රීඩා කළ හැකි යැයි විශ්වාසයක් තිබේ නම් ක‍්‍රීඩා කරන ලෙස ඔහුගෙන් කණ්ඩායමේ සෙසු සමාජිකයන් ඉල්ලීමක් කර ද තිබේ.

සුරංග මෙහෙදී ඔ්වර 10 එක දිගටම ක‍්‍රියාත්මක කල අතර ඒ අවස්ථාවේදී ද අසනීප තත්ත්වය පිළිබදව තිසර විමසා තිබේ.

ඒ පිලිබදව සුරංග මෙසේ පැවසීය.

මම හිතන්නේ දිල්ලිවල තිබුණු පරිසට තත්ත්වයෙන් තමයි අසනීප වුනේ.තවමත් මට සුව නෑ ..අද පෙරවරුවේ පරීක්ෂණයක් තිබුණා.එකෙදීත් මට තේරුණා සියයට සියයක් සුව නෑ කියලා.සියලු දෙනාගේම ඉල්ලීම පරිදිත් මගේ ක‍්‍රීඩා කිරීමේ කැමැත්ත මත ක‍්‍රීඩා කරන්න තීරණය කලා.යැයි සුරංග තරගයෙන් පසුව පැවසීය.

සුරංග කතා කිරීමට පවා අයාසයක යෙදෙන තත්වයක් ඊයේ පස්වරුවේ දැකගත හැකි වු අතර තමන්ට බෙහෙත් වැඩි ප‍්‍රමාණයක් ලබාගැනීමට සිදුවී ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි

Rate this item
(1 Vote)