May 02, 2024

ඉන්දියානු බිමේදී වාර්තා පොත් අලුත් කළ සිංහ පිළ තෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා කරයි ..

December 06, 2017

ඉන්දියානු කණ්ඩායම සමග දිල්ලිහි ෆෙරෝෂ් ශා කොට්ලා ක‍්‍රිඩාංගනයේ පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද(06) සමත්විය.

ලකුණු 410ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායම පස්වැනි හා අවසන් දිනයේ දෙපිළේ නායකයන්ගේ එකගතාවය මත තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 299ක් ලබා සිටියේය.එය සංචාරක කණ්ඩායමක් ඉන්දියානු බිමේදී සිව්වැනි ඉනිමේ ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා පොත් අතරට එක්විය.

රෝෂෙන් සිල්වා හා දික්වැල්ල එක්ව හයවැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 94ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීමේ පිතිහරඹයක් දියත් කල අතර එහිදී මංගල අර්ධ ශතකය ලබාගත් රෝෂේන් සිල්වා හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 74ක් රැස් කළහ.

රොශෙන් සිල්වාට අනගි සහයක් දෙමින් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ දික්වැල්ල හතරේ පහර 06ක් සමගින් නොදැවී ලකුණු 44ක් රැස් කරගෙන සිටියේය.

දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම සදහා කැපවූ ධනංජය ද සිල්වා පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වන විට සිය තෙවැනි ටෙස්ට් ශතකය රැස්කරමින් ලකුණු 119 ක් රැස්කර සිටියේය. පන්දු 219 කදී වාර්තාවූ ධනංජයයේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් විය.

රොෂේන් සිල්වා සහ ධනංජය ද සිල්වා එක්ව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 58 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්වූහ.

ස්ලිප්හී පන්දු රකිමින් සිටි අජින්ක්‍යා රහනේ වෙත උඩපන්දුවක් දෙමින් අද දින පළමු කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේය. පුනරූපණ නැරඹීමේදී ජදේජාගේ පාදය සීමා ඉරෙන් එපිට පතිතවන ආකාරයක් දිස්වුවද ප්‍රධාන විනිසුරු විසින් එම පන්දුව නිපන්දුවක්ද යන වග තෙවැනි විනිසුරුගෙන් විමසීමක් සිදුකිරීමට උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් මැතිව්ස්ට ක්‍රීඩාගාරය වෙත යෑමට සිදුවිය.

රවිචන්ද්‍රන් අශ්වින් එවන ලද පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසීමට ගියද නිසියාකාරව පිත්තේ නොවැදුණු පන්දුව කඩුල්ල සොයා යෑම නිසා දිනේෂ් චන්දිමාල්ට පිටියෙන් ඉවත්වන්නට සිදුවිය. පස්වැනි කඩුල්ල සදහා ධනංජය ද සිල්වා සමගින් ලකුණු 112 ක සම්බන්ධතාවයක් පැවැත්වූ දිනේෂ් චන්දිමාල්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 36 ක් පමණි.

ලකුණු 24 ක් රැස්කර සිටියදී රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දිනේෂ් චන්දිමාල් දැවී ගිය පසු ප්‍රධාන විනිසුරු විසින් එම පන්දුව නිපන්දුවක්ද යන්න පරීක්‍ෂා කිරීම සදහා තෙවැනි විනිසුරුට යොමු කළේය. පුනරූපණ නැරඹීමේදී ජදේජාගේ පාදය සීමා ඉරෙන් එපිට පතිතවිම නිසා තෙවැනි විනිසුරු විසින් එම පන්දුව නිපන්දුවක් ලෙස නම් කිරීම හේතුවෙන් චන්දිමාල්ට තව දුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවිය.

ඒ අනුව තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ජයගැනිමට ඉන්දියානු කන්ඩායම සමත්විය .

ඉන්දියාව; පළමු ඉනිම කඩුලු 7ක් දැවී ඉනිම අත්හිටවූවා 536 (127.5): මුරලි විජේ 155,ශිකර් ධවාන් 23, චෙටෙස්වර් පුජාරා 23, විරාත් කෝලි 243, රෝහිට් ෂර්මා 65, ලක්ෂාන් සඳකැන් 4/167, ලහිරු ගමගේ 2/95

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 373 (135.3): දිල්රුවන් පෙරේරා 42, ,ඇන්ජලෝ මැතිව්ස් 111, දිනේෂ් චන්දිමාල්  164, සධීර සමරවික්‍රම 33, , මොහොමඩ් සමී 2/85, ඉෂාන්ට් ෂර්මා 3/98, රවින්ද්‍ර ජඩේජා 2/86, රවිචන්ද්‍රන් අශ්වින් 3/90)

ඉන්දියාව; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ඉනිම අත් හිටවූවා 246 (52.2): ශිකර් ධවාන් 67, චෙටෙස්වර් පුජාරා 49, විරාත් කෝලි 50, රෝහිට් ෂර්මා නොදැවී 50

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 299(103.0) , ධනංජය ද සිල්වා නොදැවී 119,රොෂේන් සිල්වා නොදැවී 74, නිරෝෂන් දික්වැල්ල නොදැවී 44, රවින්ද්‍ර ජඩේජා 3/81, රවිචන්ද්‍රන් අශ්වින් 1/126

Rate this item
(0 votes)