April 27, 2024

එක්දින තරගාවලියේ පන්දුයැවීමට මැතිව්ස් සූදානමින් ..

December 04, 2017

ඉන්දියාව සමඟ ආරම්භ වන එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩයම වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් තෝරා ගන්නේ නම් ඔහු එක්දින තරඟාවලිය තුල පන්දු යැවීමට සූදානම් වෙමින් සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක පවසනවා.

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරඟයේ පළමු දිනය අවසන් වී පැවතී මාධ්‍ය හමුවේදී රුමේෂ් රත්නායක මේ බව සඳහන් කර සිටියා.

ඇන්ජලෝ මැතිව්ස්ගේ කලව ප්‍රදේශයේ සහ කෙන්දේ ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහු මැනවින් කළමනාකරණය කළ යුතු බව රුමේෂ් රත්නායක එහිදී පවසා තිබෙනවා.

පුහුණු වීම අතර මැතිව්ස් පන්දුවාර 06ක් යැවූ බවත් ඔහුගේ පන්දු යැවීම හොඳ තත්වයක පවතින බවත් ඔහු පරිස්සමින් කළමනාකරණය කළ යුතු බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය ලබන 10 වනදා ධර්මශාලා හිදී ආරම්භ වනවා.

දෙවන එක්දින තරඟය මුම්බායි හිදී ලබන 13 වනදා පැවැත්වන අතර තුන්වන තරඟය දෙසැම්බර් 17 වනදා විශාඛාපට්නම් හිදී පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

Rate this item
(1 Vote)