April 26, 2024

ඉන්දියාවට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයෙන් සිංහ පිළේ ප‍්‍රබලයෙක් ඉවතට… හේතුව මෙන්න

November 29, 2017

ඉන්දියානු කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් වමත් දග පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් ඉවත් කර ඇති බව වාර්තා වනවා..

රංගන හේරත්ගේ කොන්දේ අබාධය නැවත වරක් උත්සන්න වීම හේතුවෙන් තෙවැනි ටෙස්ට් තරගයෙන් විවෙික ගන්වා ඇති අතර ඒ වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ කන්ඩායමට නම් කොට ඇත.

නාගපුර්හිදී පැවති දෙවැනි තරගයේදී රංගන හේරත් පන්දුවාර 39ක් පමණක් යැවු අතර එහිදී ලකුනු 81කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්විය.

කෙසේ වුවත් මේ වන විට චයිනමන් පන්දුයවන ලක්ෂාන් සදකැන් ඉන්දියානු සංචාරයට සහභාගීවන අතර මේ දක්වා එක් තරගයක් හෝ ක‍්‍රීඩා කිරීටම් අවස්ථාව ඔහුට හිමිවී නොමැත.

මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 11කට හා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 07ක සහභාගී වී ඇති වැන්ඩසේ තවමත් ටෙස්ට් වරම් දිනා නොමැත.

27වයසැති වැන්ඩසේ පළමු පෙළ තරග 36කදි කඩුලු 168ක් බිද දමා ඇති අතර පන්දුයැවීමේ සමාන්‍ය 24.87ක් ලෙස සටහන් වෙයි

Rate this item
(0 votes)