April 27, 2024

‘නිදහස් කුසලානයෙන් පස්සෙ වැඩේට බහිනවා..අපිට අනාගතයේදී කරන්න ගොඩක් වැඩ තිබෙනවා. ’..අලුතින් පත්වු පිතිකරණ පුහුණුකරු තිලාන් කියන කතාව මෙන්න

November 27, 2017

පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දු යවන්නනට හොඳින් මුහුණ නොදුන් බව ශ්‍රී ලංකා නව පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පවසයි.

ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ නිමාවෙමන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

“මේ කණ්ඩායම පසුගිය වසර දෙකේදී දඟ පන්දු යවන්නන්ට එරෙහිව හොඳන් දක්ෂතා දක්වා නෑ. මම එය පරීක්ෂා කළා. අපිට අනාගතයේදී කරන්න ගොඩක් වැඩ තිබෙනවා. අපි දඟ පන්දු යැවීමෙන් හොඳ කණ්ඩායමක්. නමුත් අවසන් වසර දෙකේදී අපි ගැටලුවක් පත්වුණා”

සමරවීර පවසන්නේ ශ්‍රී ලංකාව ඉන්දිය කණ්ඩායමේ පාඩම් කිහිපයක්ම ඉගෙනගත යුතු බවයි. පුජාරා හා විජේ වේග පන්දු යවන්නන්ට ගැටලුවක් බවට පත්වෙන විට ඔවුන් දඟ පන්දු යවන්නන්ට පහර දුන්නේය. ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවාර 21ට ඉන්දියානුවන් ලකුණු 117ක් රැස්කළේය.

“ පන්දු රැකීම හොඳයි නම් ඔවුන් පසු බසිනවා. පන්දු රැකීම ගැටලුවක් නම් ඔවුන් ආක්‍රමණය කරනවා ඒ හරහා තමයි දඟ පන්දු යවන්නන්ට ක්‍රීඩා කළ යුත්තේ. ඔවුන් හොඳින් පිතිකරණයේ යෙදුණා. එය හොඳ ටෙස්ට් පිතිහරඹයක්. ඔවුන් පන්දුවාරයකට ලකුණු තුනකට වඩා රැස්කරන්න කටයුතු කළා. අපිට ගොඩක් ඉගෙන ගන්න තිබුණා”

2019 වසරේලෝක කුසලාන තරගාවලිය අරමුණුකරගෙන ශ්‍රී ලංකාව සිය පිතිකරණ පුහුණුකරු වශයෙන් තිලාන් සමරවීර නොවැම්බර් මාසයෙ පත්කළේය. ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ ගැටලුව විසඳීම සඳහා යම්කිසි කාලයක් ගතවන බවයි. “ අපිට මෙය විසඳිය හැකි කාලයක් කියන්න බෑ. මට මේ දේවල් හඳුනාගන්න මාස තුන හතරක් අවශ්‍යයි. ඉන්දීය තරගාවලියෙන් පසුව අපට බංග්ලාදේශ සංචාරය සඳහා සති දෙක තුනක් තිබෙනවා. ඉන් පසුව අපිට නිදහස් කුසලානය තිබෙනවා. පසුව අපිට මාස දෙකක විවේකයක් තිබෙනවා. ඒ තමයි මේ ගැටලුව විසඳන්න හොඳම කාලය. ඔබ තරගාවලියක ඉන්න විට ඒවා කරන්න අමාරුයි. ”

Rate this item
(0 votes)