May 09, 2024

‘දස්කම් දැක්වු ක‍්‍රීඩකයින් සියල්ල ඉවතට’..නායකත්වය ‘සිරිවර්ධනට’..ඉන්දියානු සංචාරට යන අලුත්ම ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙන්න

November 26, 2017

ඉන්දියාවේදී පැවැත්වෙන සාම්ප්‍රදායික තරගාවලියක් වන වයස 19 න් පහළ චැලෙන්ජර් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය අයන සිරිවර්ධනට පවරා තිබේ.

මේ මස මුල් භාගයේ මැලේසියාවේදී පැවැති යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් අතුරින් තිදෙනකු පමණක් මෙම සංචාරයට ඇතුළත්ව සිටිති. නුවනිඳු ප්‍රනාන්දු, රන්දීර් රණසිංහ සහ සහ කළණ පෙරේරා ඉන්දීය සංචාරයට ඇතුළත් වන ශ්‍රී ලංකා 19 න් පහළ පිලේ ක්‍රීඩකයෝ වෙති.

ආසියානු තරගාවලියේදී අර්ධ ශතකයක් ලබාගත් එකම ශ්‍රී ලංකා පිතිකරුවා වූ හසිත බෝයගොඩ ඉන්දීය සංචාරය සඳහා තෝරාගන්නා ලද සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර ඇති අතර ආසියානු තරගාවලියේ තරග 3 කදී කඩුලු 11 ක් දවාගත් ප්‍රවීන් ජයවික්‍රමද ඉන්දීය සංචාරයෙන් ඉවත් කර තිබේ.

චැලෙන්ජර් කුසලාන තරගාවලිය සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ ඉන්දීයාවේම 19 න් පහළ කණ්ඩායම් 3 ක් අතර වුවත්, මේ වසරේදී එහි වෙනසක් කරමින් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමටද ඒ සඳහා ආරාධනා කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය චැලෙන්ජර් කුසලාන තරගාවලිය සඳහා විදෙස් කණ්ඩායමකට ආරාධනා කළ පළමු අවස්ථාව මෙය වන අතර එළඹෙන 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එරට ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබා දීමේ අරමුණින් ඔවුන් එම තීරණය ගෙන ඇත.

මෙම තරගාවලිය මුබ්බායි හීදි පැවැත්වීමට නියමිතව ඇති අතර ඉන්දියානු ‘ඒ’ කණ්ඩායම ප‍්‍රිතිවි ෂා නායකත්වය දරන අතර ඉන්දියානු ‘බී’ කණ්ඩායමේ නායකත්වය දරන්නේ හිමන්ෂූ රානා යි.

අභිෂේක් ශර්මා ඉන්දියානු ‘සී’ කණ්ඩායම මෙහෙවනු ලබන අතර කණ්ඩායම් හතරේ හොදම කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ 19 න් පහළ කණ්ඩායම

අයන සිරිවර්ධන (නායක), විශ්ව චතුරංග, ධනංජය ලක්ෂාන්, කමිල් මිෂාර, සන්තුෂ් ගුණතිලක, නිෂාන් මධුෂංක, නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, රවිඳු සංජය, හරීන් බුද්දිල, හේෂාන් හෙට්ටිආරච්චි, රන්දීර් රණසිංහ, නිපුන් මාලිංග, නිපුන් ලක්ෂාන් සහ කළණ පෙරේරා

අතිරේක ක්‍රීඩකයෝ
සංජීව ප්‍රියදර්ෂන, ක්‍රිෂාන් සංජුල, හසිත බෝයගොඩ සහ තිලාන් ප්‍රශාන්

Rate this item
(0 votes)