April 26, 2024

දසුන් ශානකට අයී.සී.සී.යෙන් 75%ක දඩයක්.. හේතුව මෙන්න

November 26, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කන්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ඊයේ(25)දිනයේදී පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලංකා මදවේග පන්දු යවන ක්‍රීඩක දසුන් ශානකට තරග ගාස්තුවෙන් 75%ක දඬයක් පැනවීය.

“දසුන් ශානක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාවේ 2.2.9 වගන්තිය කඩ කර තිබෙනවා. ක්‍රීඩකයෙක්, ක්‍රීඩකයන්ට සහාය වන්නෙක් පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමේ 41.3 වරදක්. ශානකගේ දඩ මුදලට අමතරව ඔහුගේ විනය ලකුණු වලට සෘණාත්ම ලකුණු 3ක්ද එක්වෙනවා. ” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල නිකුත් කළ නිවේදයක දැක්වෙයි.

මෙය දෙවැනි තත්ත්වයේ වරදකි.

ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිමේ 50 වැනි පන්දුවාරයේදී රූපවහිනී දත්තවලින් ශානක පන්දුව වෙනස් කිරීමට කටයුතු කරන ආකාරය පෙන්වීය.

දෙවැනි දිනයේ තරගය නිමාවීමෙන් පසුව පිටියේ විනිසුරන් වන ජොයෙල් විල්සන්, රිචර්ඩ් කෙට්ල්බ්‍රෝ, තෙවැනි විනිසුරු නයිජල් ලෝංග් හා සිවුවැනි විනිසුරු මේ බව ශානකට දැනුම් දුන්නේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දසුන් සිය වරද පිළිගත් බවයි. එසේම තරග තීරක පැනවූ දඬයට ඔහු එකඟ වූ බවත් එම නිවේදනයේ දැක්වෙයි.

“මේ දසුන් ශානකගේ වෘත්තීය ජීවිතයේ ආරම්භයයි. මේ දඬුවමත් සමග මට විශ්වාසයි දසුන් ඉදිරියේදී මේ වගේ දෙයක් නැවත කිරිමේදි වැඩි අවධානයක් යොමුකරන ඇතැයි කියා.” යැයි තරග තීරක ඩේවිඩ් බූන් පවසයි.

පළමු තරගයේද කඩුලු 5ක් දවාගත් දසුන් මෙම තරගයේදි දෙවැනි දිනය නිමා කරන විටත් පන්දුවාර 14ක් යවා තිබුණේ කිසිඳු කඩුල්ලක් දවා ගැනීමකින් තොරවය.

Rate this item
(0 votes)