April 27, 2024

රවිචන්ද්‍රන් අශ්වින් ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් ශ්‍රී ලංකා පළමු ඉනිම නොසිතු ලකුණකට සීමා කරවයි

November 25, 2017

ඉන්දියානු කන්ඩායමට එරෙහිව නාග්පුර්හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ඊයේ(24) ඇරඹුණු අතර සිය ප‍්‍රථම ඉනිම සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 205ක් පමණි.

කොල්කටා නුවරදී පැවැති තරගයේදි ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 11 දෙනාම මෙම තරගයටත් සහභාගි වන අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.

වේගවත් ආරම්භයක් ලබාගත්තද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අපොහොසත්වූ සධීර සමරවික්‍රම ස්ලිප්හී පන්දු රකිමින් සිටි චෙටේස්වාර් පුජාරා අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 13 කට දැවී ගියේය.

දෙවැනි කඩුල්ල සදහා එක්වූ දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න ලකුණු ලබාගැනීමට වඩා කඩුල්ලේ රැඳී සිටීමට උත්සහ ගනිමින් පන්දුවට පහරදුන් අතර පන්දු 121 කදී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 24 ක් පමණි.

කඩුල්ල කෙලින් පැමිණි පන්දුවට ස්විප් පහරක් ගැසීමට යාමෙන් පන්දුව කඩුල්ලේ වැදීම නිසා ළහිරු තිරිමාන්න දිවා ආහාරයට මිනිත්තු 6 ක් තිබියදී දැවී ගියේය. පන්දු 58 කට මුහුණදුන් තිරිමාන්නට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 9 ක් පමණි.

දිවා ආහාරයෙන් සුළු මොහොතකට පසුව ලකුණු 10 ක් ලබාසිටි ඇන්ජලෝ මැතිව්ස් කඩුල් මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දවාගැනීමට රවීන්ද්‍ර ජදේජා සමත්විය. ප්‍රධාන විනිසුරු විසින් මැතිව්ස් දැවී ගිය බවට තීරණය කළද ඉන් සෑහිමකට පත් නොවූ ඔහු විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය.පුනරූපණ නැරඹීමේදී පන්දුව කඩුල්ලේ වදින ආකාරය දිස්විම හේතුවෙන් තෙවැනි විනිසුරු විසින්ද මැතිව්ස් දැවී ගිය බවට තීරණය කළේය.

තරගයේදී වාසනාව උරගා බලමින් සිටි දිමුත් කරුණාරත්න දෙවරක් දැවීයාමට ආසන්නවී ඉන් බේරීමට සමත්වුවද තෙවැනි වර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ඉශාන්ත් ශර්මා සහ පන්දු රකින්නන්ගේ දැඩි ඉල්ලිම මත අවසන් මොහොතේදී ප්‍රධාන විනිසුරු විසින් දැවී ගිය බවට තීරණය කිරීමත් සමගින් දිනේෂ් චන්දිමාල්ගෙන් විමසීමක් කළ දිමුත් කරුණාරත්න විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. පුනරූපණ නැරඹීමේදී පන්දුව කඩුල්ලේ වදින ආකාරය දිස්විම හේතුවෙන් තෙවැනි විනිසුරු විසින්ද දිමුත් කරුණාරත්න දැවී ගිය බවට තීරණය කළේය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු එකක් දැවී ලකුණු 35 ක් වනවිටදී රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසීමට දිමුත් කරුණාරත්න උත්සහ ගත්තද පිත්තේ හරියාකාරව නොවැදුණු පන්දුව උඩපන්දුවක් ලෙස චෙටේස්වාර් පුජාරාගේ හිසට ඉහළින් ගියද නිසියාකාරව උඩපන්දුව රැක ගැනීමට ඔහුට අවස්ථාවක් හිමි නොවිය.

දෙවැනි වර රවීන්ද්‍ර ජදේජාගේ පන්දුවකට ඉදිරියට පැමිණ ආරක්‍ෂාකාරී පියවරක් ගැනීමට දිමුත් කරුණාරත්න උත්සහ කිරීමේදී පිත්තේ නොවැදුණු පන්දුව ඉක්මනින් ලබාගත් කඩුලු රකින ක්‍රීඩක රිදිමන් සහා කඩුල්ල බිඳ දැමීය. පා ඉන්න පැත්තේ විනිසුරු විසින් එම දැවී යාම තෙවැනි විනිසුරුවරයා වෙත යොමු කළ අතර පුණරූපන නැරඹීමේදී එය නිපන්දුවක් ලෙස සටහන් නොවන්නට දිමුත් කරුණාරත්න ක්‍රීඩාගාරය වෙත ගොස් බොහෝ වේලා ගතවන්නට තිබුණි. එම අවස්ථාව වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 46 ක් ලෙස සටහන්විය.

සිය 14 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කළ දිමුත් කරුණාරත්න දැවී යන විටදී දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 62 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.

තේපානයෙන් පසුව අලස පිතිහරඹයක නිරත වුණු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු 06ම ලකුණු 54ක් තුළ දවාගැනීමට ඉන්දියානු පන්දුයවන්නේ සමත් වුහ.

ශ‍්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 24ක් ලබා සිටි දික්වැල්ල ජඩේජා එවු පන්දුවකට ඉෂාන්ත් ෂර්මා අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර තුන්ඉරියව් ක‍්‍රීඩක දසුන් ශානකට ලබා ගත හැකි වුයේ ලකුණු 02ක් පමණි.

පළමු තරගයේදීද අසාර්ථක පිතිහරඹක නිරත වු දසුන් අශ්වින් එවු පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

ඉනිමේ 07වැනි කඩුල්ල ලෙස ලකුණු 15ක් ලබා සිටි දිල්රුවන් පෙරේරා ජඩේජා එවු පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යද්දී ශ‍්‍රී ලංකා ලකුණු පුවරුවට කිසිදු ලකුණක් එක්වීමට පෙරම විශි්ෂට ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි දිනේෂ් චන්දිමාල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමට අශ්වින් සමත් විය.පන්දු 122කදි ගොඩනැගුණු චන්දිමාල්ගේ ඉනිමට හතරේ පහර 04 ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය ඇතුළත් විය.

ඉනිමේ අවසන් භාගයේදී සිය කණ්ඩායමට යමි ලකුණු ප‍්‍රමාණයක් එක් කිරීමට සුරංග ලක්මාල් සමත් වු අතර ඉෂාන්ත් ශර්මාගේ පන්දුවක් හමුවේ දැවී යන විට හතරේ පහර 04ක් සමගින් ලකුනු 17ක් ලබා සිටියේය.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස පළමු තරගයේ පළමු ඉනිමේ විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කළ රංගන හේරත් ලකුණු 04කට දැවී ගියේය

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමට නිතර වු රවි අශ්වින් කඩුලු 04ක්ද රවින්දු ජඩේජා හා ඉෂාන්ත් ශර්මා කඩුලු 03 බැගින්ද බිද හෙළිය

පළමු දිනය නිමාවන විටදී පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව ලකුණු 11කට කඩුල්ලක් අහිමිකරගෙන සිටියේය. මුරලි විජේ ලකුණු 2 ක් සහ චෙටේස්වාර් පුජාරා ලකුණු 2 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි

Rate this item
(0 votes)