April 26, 2024

දසුන් ,සුරංග, ඩිල්රුවන් හා දික්වැල්ලට අයි.සී.සී.ය හොදට සලකයි ..නිකුත් කළ නවතම ශ්‍රේණිගතිකිරීම් මෙන්න

November 23, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර නිමාවුණු පළමු ටෙස්ට් තරගයෙන් පසුව අයී.සී.සී ය නවතම් ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් නිකුත් කොට තිබෙනවා

එහිදී ශ‍්‍රී ලංකා කණ්ඩායම එරෙහිව දෙවැනි ඉනිමේදී ලබාගත් විශිෂ්ට ශතකය හේතුවෙන් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගති කිරිම්හි 06වන ස්ථානයේ සිටි ඉන්දියානු නායක විරාත් කෝලි 05වැනි ස්ථානයට පැමිණ ඇත.

ඉන්දියානු ආරම්භක පිතිකරු ශිකර් ධවාන් ස්ථාන 02ක් ඉදිරියට පැමිණෙමින් 28වන ස්ථානයද, පළමු තරගයේ තරගයේ වීරයා වු බුවනේෂ්වර් කුමාර් ස්ථාන 08ක් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් දිවියේ ඉහළම ස්ථානය හිමි කරගනිමින් 29වැනි ස්ථානයද, මොහොමඩ් සාමි එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 18වැනි ස්ථානයටද පැමිණ ඇත.

පළමු තරගයේදි පන්දුවෙන් හා පිතිතෙන් සාර්ථක වීමට නොහැකි වු තුන්ඉරියව් ක‍්‍රීඩක රවීන්ද‍්‍ර ජඩේජා පන්දුයැවීමේ ශ්‍රේණිගතිකිරීමේ හි 02වැනි ස්ථානයේ සිට තුන්වැනි ස්ථානය දක්වා පහත බැස ඇති අතර තුන්ඉරියව් ක‍්‍රීඩක ලැයිස්තුවේද හිමිවි තිබු ප‍්‍රසාද ලකුණු 20ක් අහිමි වී ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් පිතිකරු ලැයිස්තුවේ 38වැනි ස්ථානයට පත්ව ඇති සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා හා දසුන් ශානක ලොව පන්දු යැවීමේ ශේ්‍රණිගත කිරීම්හි පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටී.

ඒ අනුව පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ශේ්‍රණිගත ලකුණු 470ක් ලබා පන්දුයැවීමේ ශේ්‍රණිගත කිරීම්හි 33 වැනි ස්ථානයේ පසුවූ සුරංග ලක්මාල් පළමු තරගයේදී පළමු ඉනිමේදී කඩුලු 4ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 3ක් ලබා ගැනීම හේතුවෙන් මේ වනවිට ශේ්‍රණි ලකුණු 544ක් ලබා 28 වැනි ස්ථානයට පැමිණ ඇති අතර, ශේ්‍රණි ලකුණු 592ක් ලබා 25 වැනි ස්ථානයේ පසුවූ දිල්රුවන් පෙරේරා මේ වන විට ශේ්‍රණි ලකුණු 603ක් ලබා පියවර තුනක්(22) ඉදිරියට පැමිණ ඇත.
තවද ඉන්දීය තරගාවලිය ආරම්භ වීමට පෙර පන්දු යවන්නන්ගේ ශේ්‍රණිගත කිරීම්හි පළමු 100 දෙනාගේ ලැයිස්තුවට හෝ ඇතුළත්ව නොසිටි දසුන් ශානක ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී කඩුලු 2ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 3ක් ලැබීම හේතුවෙන් මේ වනවිට ශේ්‍රණිගත ලකුණු 269ක් ලබා 69 වැනි ස්ථානයට පැමිණීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් ලොව පන්දු යවන්නන්ගේ පළමු ස්ථානය ශේ්‍රණිගත ලකුණු 896ක් ලබා එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන්ටත්, ශේ්‍රණිගත ලකුණු 876ක් ලබා සිටින කාගිසෝ රබාඩාට දෙවැනි තැනත් හිමිව ඇති අතර, ශේ්‍රණිගත ලකුණු 820ක් ලබා සිටින රංගන හේරත්ට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි.

මේ අතර ටෙස්ට් තුන්ඉරියව් ක‍්‍රිඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ දසවන ස්තානය දක්වා ඉදිරියට පැමිණීමට ඩිල්රුවන් පෙරේරා සමත්ව සිටියි

Rate this item
(0 votes)