April 26, 2024

කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ඉන්දියාව පරදවති 

ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම ඊයේ 20-20 ලෝක කුසලාන කාන්තා කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් ලකුණු 22 කින් ජයග‍්‍රහණය කිරීමට සමත් වූහ.

තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 128ක් රැස් කළහ.

ශ‍්‍රී ලංකා පිළ වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 43ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඉන්දීය කාන්තා කි‍්‍රකට් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106ක් පමණයි.

Rate this item
(0 votes)