April 26, 2024

සුබ ආරංචියක්: සිංහ පිලේ පුහුණුකරු තනතුරට හතුරසිංහ එකග වෙයි.

November 21, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බංග්ලාදේශ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා අතර වාචික වශයෙන් එකඟතාවක් ඇතිවී තිබෙන බව ක්‍රික් ඉන්ෆෝ පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව තවත් දින කිහිපයකින් දෙපාර්ශ්වය අතර ගිවිසුම අත්සන් කරනු ඇති බවත් ඔවුන් සඳහන් කරයි.

මීට පෙර බංගලාදේශ කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ සංචාරයේ නිරත සිටි අවස්ථාවේ හතුරුසිංහ පවසා සිටියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම ආරාධනයක් සිදුකරන්නේනම් තමන් රට වෙනුවෙන් එම ආරාධනය පිළිගැනීමට කැමැත්තෙන් සිටින බවයි.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය බාරගත හොත් පළමු තරගාවලිය වන්නේ බංග්ලාදේශය, ශ්‍රී ලංකාව හා සිම්බාබ්ව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තුන් කොන් එක්දින තරගාවලියයි. එය ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය.

පසුව ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර විස්සයි20 තරගාවලියක් පැවැත්වීමට නියමිතය.

Rate this item
(2 votes)