April 27, 2024

‘සුරංගගේ පන්දුයැවීම විශිෂ්ටයි..පාකිස්තානයේදීත් අපි ඒ වැරැද්දම කළා’..තරග ජය ගැනීමට නම් කල යුතු දේ ගැන චන්දිමාල් කියන කතාව මෙන්න.

November 21, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජයපැරදුමෙන් තොරව නිමාවට පත්වුයේ ඉන්දියානු කණ්ඩායමට තරගයේ සියලු ගෞරව හිමිකරදෙමින්.

වේග පන්දුයවන්නන් උචිත ලෙස සැකසුණු තණතීරුවේ පළමු දින දෙක තුළ තරගයට වැස්සෙන් බාධා සිදුවුණු අතර පළමු ඉනිමේ අසාර්ථක වුණු වුනු ඉන්දියානු පිතිකරුවන් දෙවන ඉනිමේ ආක‍්‍රමණශීලි ලෙස තරගයට අවතීර්ණ වුයේ ලකුණු රැස් කිරීමට අසීරු තණතීරුවේ ජයග‍්‍රහණය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 231ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙමින්.එහිදී ඉන්දීය නායක විරාත් කොලි නොදැවී ලබාගත් ශතකය කැපීපෙනුනි.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් තරගය අත්හැර දමන විට සිංහ පිලේ ප‍්‍රබල කඩුලු 07ක් බිද වැටී තිබුණු අතර ඒ වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවන ඉනිම සදහා රැස්කරගත හැකි වුයේ ලකුනු 75ක් පමණි.එහිදී තරගය පුරාවටම ශ‍්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ බුවනේෂ්වර් කුමාර් කඩුලු 08ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය හිමිකරගැනීමට සමත් විය.

කෙසේ වුවත් මේ වන විට ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙස නම් දරා සිටින ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් සුරංග ලක්මාල්ගේ පන්දු හමුවේ දැඩි ලෙස අසරණ වන අයුරු දක්නට ලැබිණ.එහිදී සුරංග ලක්මාල් පළමු ඉනිමේ කඩුලු 04ක් හා දෙවැනි ඉනිමේ කඩුලු 03ක් බිද හෙලුවේ වැඩිම නිපන්දු සංඛ්‍යාවක් යොමු කළ පන්දුයවන්නාට හිමි ලෝක වාර්තාවද තමන් සතු කර ගනිමින්.

තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වු දිනේෂ් චන්දිමාල් පවසා සිටියේ හොද තරගයක් ලබා දීම පිළිබදව තමන් සතුටු වන බවත් සුරංග ලක්මාල්ගේ පන්දුයැවීම විශිෂ්ට බවත්ය.

ගොඩක් හොද තරගයක්..අපි ගොඩක් හොදින් ක‍්‍රීඩා කළා..අපි තරගයේ අවසන් භාගය වනතෙක් හොදින් සටන් කලා..ඒත අවසන් පන්දුවාර 10 – 15 දි අපිට ලොකු පීඩනයක් තිබුණා..සුරංග ලක්මාල්ගේ පන්දුයැවීම විශිෂ්ටයි.පසුගිය අවුරුදු 02ක් පුරාවටම ඔහු ගොඩක් හොදින් පන්දු යැව්වා..නායකයෙක් වශයෙන් මට ගොඩක් විශ්වාසයි සුරංගගේ පන්දුයැවීම ගැන..රංගන දගපන්දුයවන්නකු ලෙස සාර්ථක නොවුනත් ඔහුගේ පිතිහරඹය ගැන මම ගොඩක් සතුටවෙනවා..දෙවන ඉනිමේ පිතිකරණයෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න තියනවා.. පාකිස්තානු කණ්ඩායම සමග පැවැති තරගාවලියේත් අපි දෙවැනි ඉනිම හොදන් පිතිකරණයේ යෙදුනේ නෑ..ඒ වැරැද්ද් අපි හදාගත්තොත් අපිට පුලුවන් වෙයි හොද තරගයක් දෙන්න..

Rate this item
(0 votes)