April 26, 2024

හර්බජාං සිං ලංකාව තුට්ටුවට ඇද දමයි.. දිමුත්ගේ ප‍්‍රකාශයට උපහාසාත්මක පිළිතුරක් දෙයි

November 14, 2017

ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට සදහා මේ වන විට ඉන්දියාවට ගොස් සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියානු හිටපු පන්දුයවන්නකු වන හර්බජාං සිං උපහාසාත්මක ප‍්‍රකාශයක් සිදුකොට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි

මේ වන විට ඉන්දියාවට ගොස් සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදි එරට මාධ්‍යට ප‍්‍රකාශ කර සිටියේ ඉන්දීය කණ්ඩායමේ ප‍්‍රබලතම දග පන්දු යවන්නන් දෙදෙනා වන අශ්වින්ට හා ජඩේජාට තරගය තුලදි මුහුණ දීමට විශේෂ සැලැස්මක් ඇති බවයි

දිමුත් කරන ලද එම ප‍්‍රකාශයට පිළිතුරු ලෙස ට්විට්ර් ගිණුමේ සටහනක් තබමින් හර්බජාං සිං පවසන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සිමිබාබ්මේ කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ කණ්ඩායමක් බවත් ශ‍්‍රී ලංකා කණ්‘ඩායම මේ වන විට පත්ව ඇති තත්වය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවත්ය.

කෙසේ වෙතත් හර්බජාං සිං විසින් සිය ට්ටිටර් ගිණුමට එක් කළ එම සටහන ඉවත් කරගෙන ඇති බවද වාර්තා වෙයි

එම ට්විටර් සටහන පහතින්

Rate this item
(0 votes)