April 27, 2024

ඇෆ්ගනිස්තානුවන් හමුවේ ශ‍්‍රී ලංකා මැදපෙල පිතිකරුවන් අසරණ වෙයි..හසිතගෙන් විශිෂ්ට ඉනිමක්

November 11, 2017

මැලේසියාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ  ඇෆ්ගනිස්තානු කන්ඩායම සමග අද පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කන්ඩායමට මැද පෙළ පිතිකරුවන්ගේ අලස පිතිහරඹය හේතුවෙන්  ලබාගත හැකි වුයේ කඩුලු 08කට ලකුනු 196ක් පමනි.

වර්ෂාව හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 42 සහිතව ක‍්‍රියාත්මක වුණු මෙම තරගයේ කාසිය වාසිය දිනු ඇෆ්ගනිස්තානු නායකයා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ‍්‍රී ලංකා කණ්ඩායමට පිරිනැමු අතර එම ඇරයුමට සාර්ථක පිළිතුරක් ලබාදුන් ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල සදහා ලකුණු 59ක් එක් කිරීමට සමත් වූහ.

ශ‍්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස ධනංජය ලක්ෂාන ලකුණු 24ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට ලක්වු අතර ඉන් අනතුරුව පිටියට පැමිණි ශ‍්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ගෙන් යම් තරමකට හෝ සාර්ථක වුයේ උපනායක ජෙහාන් ඩැනියෙන් පමණි.අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාව හෝ පසුකිරීමට ඇෆ්ගනිස්තානු පන්දුයවන්නන්ගෙන් ඉඩකඩ නොලැබුණි

ආරම්භක පිතිකරු හසිත බෝයගොඩ එක් හයේ පහරක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 54ක් රැස් කිරීමට සමත් වු අතර ශ‍්‍රි ලංකා ඉනිමේ දෙවැනි වැඩිම ලකුනු ලාභියා වු ඩැනියෙල් ලකුණු 36ක් රැස් කිරීමට සමත්විය.

පන්දුයැවීමේදී ඇෆ්ගනිස්තානු කණ්ඩායම වෙනුවෙන් ඒබ‍්‍රහීම් පන්දුවාර 03ක් යවා ලකුණු 24කට කඩුලු 02ක්ද, නවින් උල් හක් පන්දුවාර 09ක් යවා ලකුණු 57කට කඩුලු 02ක්ද දවා ගත්හ.ඊයේ දිනයේදි පාකිස්තානු පිතිකරුවන් අසරණ කරමින් කඩුලු 06ක් දවාගත් මුජිබර් රහ්මාන් හට අද දිනයේදී දවා ගත හැකි වුයේ එක් කඩුල්ලක් පමණි.

Rate this item
(1 Vote)