April 26, 2024

ඉන්දු – ශ‍්‍රී ලංකා සටනට පෙරම ප‍්‍රබල පුහුණුකරුවෙකුගෙන් අනාවැකියක්..

November 10, 2017

ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලානය දිනාගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කල ඩේව් වට්මෝර් යටතේ ශ්‍රී ලංකාව ලබා ගත් දේ බොහෝය.ලංකාවේ පුහුණුකාර ධුරය අත්හැරීමෙන් පසුව මේ ප්‍රවීණ පුහුණුකරුවා බංගලාදේශය සිම්බාබ්වේ සහ පාකිස්ථාන කණ්ඩායම් වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල අතර ,දැන් ඔහු ඉන්දියාවේ කේරල ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය පිළිබඳව ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සමඟ පැවති සාකච්චාවකදී වට්මෝර් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේදී ඉන්දියාව පරාජය කිරීමට නොහැකි වූ කණ්ඩායමක් ඉන්දියාවේදී ඉන්දියාව පරාජය කරනු ඇතැයි සිතිය නොහැකි බවය.

2012 එංගලන්ත කණ්ඩායම හමුවේ ටෙස්ට් තරඟාවලියක් ඉන්දියාවේදී පරාජය වූ පසුව මේ දක්වා ඉන්දියාව තම මව් බිමේදී ටෙස්ට් තරඟාවලි පරාජයක් ලබා නැත.මේ නිසා ඉන්දියාව පන්දු රැකීම පන්දු යැවීම සහ පහරදීම අතින් අද සිටින තැන අනුව මේ තරඟාවලිය ලංකාවට එතරම් හොඳ ප්‍රතිපල ගෙන දෙන බව සිතිය නොහැකි බව වට්මෝර් පවසා ඇත.

එමෙන්ම මේ මොහොතේ ඉන්දියාව සතු පුහුණුකරු නායක සුසංයෝගය ඉතා හොඳ ප්‍රතිපල ඉන්දියාවට ගෙන දෙන බවද මේ පුහුණුකරුවා පවසා ඇත.රවී ශාස්ත්‍රී ඉතා දක්ෂ පුහුණුකරුවෙකු බවත් ඔහු සහ කෝලි අතර හොඳ අවභෝදයක් තිබෙන නිසා කණ්ඩායමේ දුර්වලතා ඉතා ඉක්මනින් නිවැරදි කරගත හැකි බවද වට්මෝර් පවසා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය කාලේ ජයග්‍රහණ ලබාදීම පිටුපස සිටි කුසල් මෙන්ඩිස් නැතිව තරඟ කිරීමට තීරණය කිරීම තමාට අදහා ගැනීමට නොහැකි බව මේ ප්‍රවීණ පුහුණුකරුවා තම අදහස් දැක්වීමේදී ඉස්මතු කර ඇත.

එමෙන්ම තරඟාවලියේ කුසල් පෙරේරා සහ අසේල නොමැති වීම ශ්‍රී ලංකාවට පාඩුවක් බවත් මැතිව්ස්ගේ පැමිණීම ශ්‍රී ලංකාවට ශක්තියක් බවත්,ඔහු ශ්‍රී ලංකාව සතු සම්පතක් බවත් මේ ප්‍රවීණ පුහුණුකරු අවසන් වශයෙන් පවසා ඇත.

Rate this item
(0 votes)