April 26, 2024

ශ‍්‍රි ලංකාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියෙන් ඉන්දියාවේ ප‍්‍රබල ක‍්‍රීඩකයකු ඉවතට

November 09, 2017

සංචාරක ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සදහා මහේන්ද්‍ර සිං දෝණි සහාභාගි නොවනු ඇති බව ඉන්දිය ක්‍රිකට් විචාරකයින් පවසනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ නිමාවු නවසිලන්ත පන්දුවාර විස්ස තරගාවලියේදී මහේන්ද්‍ර සිං දෝණි දක්ෂතා අතරට නොපැමිණීම සහ තරුණ ක්‍රිඩකයින්ට අවස්ථාව ලබාදීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.

පසුගියදා නිමාවුණු නවසීලන්තය සමග පැවැති විස්සයි විස්ස තරගාවලියේදී දෙවැනි තරගයේදි නොදැවී ලකුණු 49ක් රැස් කිරීමට සමත්වුවත් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැදවා ගෙන යාමට දෝනි අසමත් විය.

නවසීලන්තය සමග පැවැති එම එක්දින තරග තුනේදී පිළිවෙලින් 25ක් 18ක් හා 25ක් ලබා ගත් දෝනි ට විස්සයි විස්ස තරග තුනේදී ලබාගත හැකි වුයේ පිළිවෙළින් ලකුණු 7*,49*ක් හා 0*ක් පමණි

කෙසේ වුවත් නවසීලන්තය සමගි පැවැති අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක විරාත් කෝලි පවසා සිටියේ දෝනි ක‍්‍රිඩාකිරීමට සුදුසු යෝග්‍ය ශාරීරික තත්වයකින් පසුවන බවයි

''මට තේරෙන්නෙ නෑ ඇයි මිනිස්සු එයාව විතරක් විශේෂ කරන්නේ කියල..පිිතකරුවෙක් විදියට මම තුන්පාරක් අසමත් වුනොත් කවුරුත් මට ඇගිල්ල දික් කරන්නේ නෑ.මොකට මම වයස 35ට වඩා අඩු නිසා..දෝනි හොද ශාරීරික යෝග්‍යතාවයකින් ඉන්නවා..ඔහු හැම පරීක්ෂණයක්ම සමත් වෙලා තියනවා.ඔහු පන්දුරැුකීමේදීත් කණ්ඩායම හොද සහයෝගයක් ලබාදෙනවා.ශ‍්‍රී ලංකාවට හා ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පිතිකරණයෙන් ඔහු ගොඩක් දස්කම් දක්වන ක‍්‍රිඩකයෙක්.''

මේ අතර හිටපු නායකයකු වන ආකාශ් චොප්රා පවසා සිටින්නේ අවස්ථා ගණනකදී දෝනි අසමත් වී ඇති නිසා ඔහුට විවේකයක් අවශ්‍ය බවයි. අකාශ් වැඩිදුරටත් පවසන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රබල කණ්ඩායම නොවන නිසා දෝනිගේ ස්ථානයට තරුණ ක‍්‍රීඩකයකුට ලබා දිය යුතු බවත් ශ‍්‍රී ලංකා සංචාරයෙන් පසු පැවැත්වෙන් දකුනු අප‍්‍රිකානු සංචාරයේදී දෝනි ගැන නැවත සලකා බැලිය යුතු බවයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිවයිනෙන්න පිටත්ව ගිය අතර මෙම සංචාරයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමග ටෙස්ට් තරග තුනකටත් එක්දින තරග තුනකටත් විස්සයි විස්ස තරග තුනකටත් එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පන්දුවාර විස්ස තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් මස 20 වනදා ආරම්භ වීමට නියමිතයි.

 

Rate this item
(1 Vote)