April 26, 2024

ශ‍්‍රී ලංකා 'ඒ' කණ්ඩායමට එරෙහිව කොදෙව්වන් ප‍්‍රබල තැනක

ශ‍්‍රී ලංකා 'ඒ' කණ්ඩායමට එරෙහිව කොදෙව්වන් ප‍්‍රබල තැනක

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ජැමෙයිකාවේ ටෙලව්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ ඊයේ (12 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කොදෙව් ‘ඒ’ කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 364 ක් ලබා සිටියේය.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි විෂුවල් සිං සහ සුනිල් අම්බ්‍රිස් දෙවන දිනයේදී පිළිවලින් ලකුණු 81 ක් සහ ලකුණු 106ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා කොදෙව් පළමු ඉනිමේදී පන්දු යැවීම සඳහා පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සේවය ලබාගත් අතර ඔවුන් අතරින් මාලින්ද පුෂ්ප කුමාර කඩුලු තුනක් සහ චාමිකර කරුණාරත්න කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.

පළමු දිනයේ දවා ගැනීම් තුනකට හවුල් වූ කඩුලු රකින සඳුන් වීරක්කොඩි ඊයේ දිනයේ තවත් ස්ටම්ප් කිරීමකට දායක විය.

අද තරඟයේ තුන් වන දිනය වන අතර අයහපත් කාලගුණය නිසා වැඩි වෙලාවක් අහිමිවී ගිය තරඟයේ තව ඉතිරිව ඇත්තේ දින දෙකක් වන අතර තවමත් එකම ඉනිමක්වත් අවසන් වී නොමැති නිසා බොහෝ විට තරඟය ජය පරාජයෙන් තොරව නිම වීමට ඉඩ ඇත.

Rate this item
(0 votes)