April 26, 2024

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ හා විසිකිරීමේ සහයකයින් දෙදෙනා ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ නිරන්තරයෙන් සිටි සහායකයන් දෙදෙනෙකු අබුඩාබි සංචාරයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කැඳවා ගෙන නොයාමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බවත් ඒ වෙනුවට නව සහායකයන් දෙදෙනෙකු කැඳවාගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

මෙසේ ඉවත් කර ඇත්තේ පන්දු රැකීමේ සහ පන්දු විසි කිරීමේ සහයකයෙකු ලෙස කටයුතු කල නුවන් නමැති තැනැත්තාත් ,පරිගණක විශ්ලේෂකයකු ලෙස කටයුතු කල ශ්‍රී රාම් නමැති පුද්ගලයාත් වේ.

නුවන් නමැති පුද්ගලයා ජෙෂ්ට ක්‍රීඩකයන්ගේ රහස් වැඩ සඳහා යොදා ගන්නා බවත් ,ඉන්දීය ජාතික ශ්‍රී රාම් කණ්ඩායමේ තොරතුරු පිටතට ලබාදෙන බවටත් එල්ල වූ චෝදනාව මත මොවුන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී රාම් නමැත්තාට එල්ල වූ චෝදනා සත්‍ය නම් ඉන්දීය සංචාරයේදී ඔහුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ රහස් ඉන්දියාව වෙත යාමට වැඩි ඉඩක් ඇත.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 04 October 2017 11:36