April 27, 2024

දික්වැල්ල ටෙස්ට් දිවියේ හොදම තැන හිමිකර ගනියි ..

පසුගියදා නිමාවුණු පාකිස්තානු ශ‍්‍රී ලංකා ප‍්‍රථම ටෙස්ට් තරගයෙන් පසු අයී.සී.සී ක‍්‍රිකට් ආයතනය විසින් නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් කොට තිබෙනවා

එහිදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පළමු ඉනිමේ විශිෂ්ට ශතකයක් සමගින් නොදැවුණු ලකුණු 155ක් ලබාගත් දිනේෂ් චන්දිමාල් ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ ස්ථාන 13ක් ඉදිරියට පැමිණෙමින් 20වන ස්ථානයට පත්ව ඇත

පළමු ඉනිමේ විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කල ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නද ස්ථාන 05ක් ඉදිරියට පැමිණෙමින් 26වන ස්ථානයට පත්ව ඇති අතර ඉනිම් දෙකේදීම සුපිරි පිතිකරඹයක නිරත වු නිරෝෂන් දික්වැල්ල ස්ථාන 20ක් ඉදිරියට පැමිණෙමින් සිය ටෙස්ට් දිවියේ ඉහළම පිතිකරණ ස්ථානය ලබාගනිමින් පිතිකරු ලැයිස්තුවේ 41වන ස්ථානය හිමිකරගෙන ඇත.

මේ අතර පන්දුවෙන් දස්කම් දැක්වු ඩිල්රුවන් පෙරේරා එක් ස්ථානයකිනුත්( 26) නුවන් ප‍්‍රදීප් එක් ස්ථානයකින් (33) සහ සුරංග ලක්මාල් ස්ථාන දෙකකින් (36) ඉදිරියට පැමිණ ඇත

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රාහී නියමුවා වු පාකිස්තානු ඉනිමේ කඩුලු 11ක් බිද දැමු රංගන හේරත් ගේ ස්ථානය(04) වෙනසක් සිදුවී නොමැති අතර ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 37කින් වැඩිවි ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 October 2017 09:57