April 27, 2024

'පොඩි මාලි' නමින් ප‍්‍රකට නුවන් තුෂාරගෙන් සුපිරි පන්දු යැවීමක්

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන “ෆෙයාර් ඇන්ඩ් ලව්ලි” කුසලාන B කොටසේ ක්‍රිකට් තරගාවලියේ ජෝන් කීල්ස් කන්ඩායම හා මොබිටෙල් ලංකා කන්ඩායම අතර  01දා පැවති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 38ක ජයක් ලබා ගැනීමට ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගය ද පන්දුවාර 47 තරගයක් සේ ආරම්භ වුන අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 213ක් ලබා ගත්හ.

එම ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කවීන් බණ්ඩාර සමත් විය. පන්දු යැවීමේ දී මොබිටෙල් කණ්ඩායමේ ලක්ෂාන් ජයසිංහ සහ චරිත් ජයම්පති කඩුලු 3 බැගින් දවා ගත්හ.

දිවා විවේකයේ දී මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව ප්‍රතිවාදී මොබිටෙල් කණ්ඩායමේ ඉලක්කය වූයේ පන්දුවාර 45කට ලකුණු 210කි. නමුත් එම ඉනිම ලකුණු 171කින් අවසන් කිරීමට පොඩි මාලි” නමින් මේ වන විට ක්‍රිකට් පිටියේ අවධානය දිනා සිටින නුවන් තුෂාරගේ දක්ෂ පන්දු යැවීම හේතු විය.

ඔහුට අමරතව සමිත් දුෂාන්ත සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්හ. මොබිටෙල් ඉනිමේ කැපි පෙණෙන පිතිකරුවන් වූයේ පන්දු 51ක දී ලකුණු 47ක් ලබා ගත් තිමිර ජයසිංහ සහ පන්දු 88ක දී ලකුණු 45ක් ලබා ගත් ලක්ෂාන් ජයසිංහ ය.

ජෝන් කීල්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 213 (46.4) කවීන් බණ්ඩාර 74, මනෝජ් සරත්චන්ද්‍ර 22, සචිත ජයතිලක 37, ලක්ෂාන් ජයසිංහ 3/33, චරිත් ජයම්පති 3/29

මොබිටෙල් ලංකා කණ්ඩායම; සියලුම දෙනා දැවී 171 (40.4) තිමිර ජයසිංහ 47, ලක්ෂාන් ජයසිංහ 45, සුපේක්ෂල ජයතිලක 36, නුවන් තුෂාර 5/32, සමිත් දුශාන්ත 2/28, තරිඳු රත්නායක 2/29

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 October 2017 06:44