April 26, 2024

කෞෂාල් සිල්වා වාර්තා පොත් අතරට එක්වෙයි

September 28, 2017

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 2000 සීමාව පසුකල 16වැනි ටෙස්ට් ක‍්‍රිකට් පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එක්වීමට කෞෂාල් සිල්වා අද සමත් විය

පාකිස්තානයට එරෙහිව අද (28දා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඔහු  මෙම ලකුණු සීමාව පසු කළේය.

තරගය ආරම්භවීමට පෙරාතුව කෞෂාල් ටෙස්ට් තරග 35කට සහභාගි වී ලකුණු 1991ක් රැස් කර ගෙන තිබුණි. ඒ අනුව අද ඔහු සිය 36 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ලකුණු  12ක් රැස්කිරීමට සමත්වීමත් සමග ඔහුගේ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2003ක් දක්වා ඉහළ ගියේය.

Rate this item
(0 votes)