April 27, 2024

ශ‍්‍රී ලංකා ටෙස්ට් පිළ පාකිස්ථානයට යයි

September 25, 2017

පාකිස්‌තානය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය සඳහා දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණඩායම ඊයෙ (24 දා) දිවයිනෙන් පිටත් විය. අදාළ සංචාරයේදී පළමු ටෙස්‌ට්‌ තරගය ලබන 28 වැනිදාත් දෙවැනි ටෙස්‌ට්‌ තරගය ඔක්‌තෝම්බර් 6 වැනිදාත් පැවැත්වේ.

දෙවැනි ටෙස්‌ට්‌ තරගය දිවා රාත්‍රි ටෙස්‌ට්‌ තරගයක්‌ වන අතර එය ශ්‍රී ලංකාව සහභාගි වන පළමු දිවා රාත්‍රී ටෙස්‌ට්‌ තරගයද වේ. ටෙස්‌ට්‌ තරගාවලියෙන් අනතුරුව එක්‌දින තරග පහක්‌ සහ විස්‌සයි විස්‌ස තරග තුනකට ද ශ්‍රී ලංකාව සහභාගි වේ.

ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායම

දිනේෂ් චන්දිමාල් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්‌, සදීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්‌වැල්ල, රංගන හේරත්, ලක්‍ෂාන් සඳකැන්, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු ගමගේ

Rate this item
(0 votes)