April 27, 2024

පකිස්ථාන සංචාරය වැට උඩ..

September 21, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයෙදී විස්සයි20 තරගයට ක්‍රීඩාකරනවාද යන්න පිළිබඳව වන තීරණය ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ආරම්භවීමට නියමිත ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගාවලිය ක්‍රියාත්මක වෙන අතර තුළදී ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈශ්ලිද සිල්වා මහතා පැවැසීය.

එසේම පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකිවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යොමු නොකරන බවත් ඔහු පැවැසීය.

අද (21දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරග තුනෙන් අවසන් තරගය ලාහෝර් නුවරදී පැවැත්වීමට මේ වන විට දෙරටේම අවධානය යොමුව තිබේ.

” අාරක්ෂක තත්ත්වය තරගාවලිය ක්‍රියාත්මක වන අතරතුළදී තක්සේරු කර තීරණයක් ගන්නවා. ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ ආරක්ෂක නිලධාරියෙකු පාකිස්තානයට යොමුකරනවා. තරගය පැවැත්වීමට සති දෙකකට පෙර අපේ ආරක්ෂක නිලධාරියෙක් පාකිස්තානයට යොමුකරනවා” යැයි ඔහු සඳහන් කළේය.

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙක, එක්දින තරග 5 හා විස්සයි20 තරග තුනෙන් දෙකක් මැද පෙරදිග පැවැත්වීමට නියමිතය.2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව මේ දක්වා ශ්‍රී ලංකාව පාකිස්තානයේ තරගයකට ක්‍රීඩා කර නොමැත.

Rate this item
(0 votes)