April 26, 2024

බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට ලංකාවෙන් 9ක්

September 18, 2017

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය පසුගියදා සිදු කෙරුණා.

ඒ අනුව මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 144 දෙනෙකු ක්‍රීඩා කරන අතර ඉන් ක්‍රීඩකයින් 70 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් බව සඳහන්.

ඒ අතරට ශ්‍රී ලංකාවේ කුමාර සංගක්කාර, ජීවන් මෙන්ඩිස්, සීකුගේ ප්‍රසන්න, ශෙහාන් ජයසූරිය, කුසල් පෙරේරා, තිසර පෙරේරා,ඇන්ජලෝ මැතිව්ස් ,චතුරංග ද සිල්වා සහ දසුන් ශානක යන ක්‍රීඩකයින් ද ඇතුළත්.

Rate this item
(0 votes)