April 26, 2024

'තිසර'ගේ ප‍්‍රහාරත්මක පිතිහරඹයෙන් වාර්තා පොත් අලුත් වෙයි

September 14, 2017

පාකිස්තානු කණ්ඩායම සමග පැවැති දෙවැනි  විස්සයි විස්ස තරගය කඩුලු 07කින් ජයගැනීමට සංචාරක ලෝක කන්ඩායම ඊයේ(13) සමත් වුනා

එහිදී ප‍්‍රහාරාත්ම පිතිහරඹයක නිරත වු තිසර පෙරේරා පන්දු 19කදී වේගවත් ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වුයේ දැවැන්ත හයේ පහර 05ක් සමගින්.

විස්සයි විස්ස ඉනිමකදී ක‍්‍රිඩකයකු විසින් හතරේ පහරක් නොමැතිව එල්ල කල වැඩිම හයේ පහර සංඛයාව ලෙස එය ඉතිහාසයට එක් වු අතර හතරේ පහරක් නොමැතිව වාර්තා කල දෙවැනි වැඩිම ලකුනු සංඛ්‍යාව ලෙසද තිසර පෙරේරා ලබාගත් ලකුණු 47 වාර්තා පොත් අතරට එක්වුවා.

තවද පාකිස්තානු කන්ඩායමකට එරෙහිව ක‍්‍රිඩකයකු ලාබගත් දෙවැනි වැඩිම ප‍්‍රහාරාත්මක වේගය(247.36) ලෙස එය වාර්තා පොතට එක්වු අතර ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ මයික් හසී පාකිස්තානු කන්ඩායම එරෙහිව වැඩිම ප‍්‍රහාරාත්මක වේගයක්(250) රදවා ගෙන ඇති පිතිකරු ලෙස පෙරමුණේ පසුවෙයි

Rate this item
(0 votes)