April 26, 2024

බංගලාදේශ පිතිකරුවන් අසරණ කළ නෙදන් ලයන්ගෙන් ලෝක වාර්තාවක්

September 05, 2017

සංචාරක ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 253 ක් ලබා සිටියේය.

ඊයේ දිනයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 18 වැනි අර්ධ ශතකය ලබාගත්  නායක මුෂ්ෆිකුර් රහීම් තරගය නතර කරන විට  හතරේ පහර 05ක් සමගින්  නොදැවී 62 ක්ද, නසිර් හුසේන් නොදැවී ලකුණු 19 ක්ද ලබා සිටියහ.

ලකුණු 117 ක් වන විට කඩුලු 5 ක් බිඳ වැටී අසරණ තත්ත්වයකට පත්ව තිබූ බංග්ලාදේශ කණ්ඩායම ඉන් ගොඩගත් රහීම් 6 වැනි කඩුල්ල වෙනුවෙන් සබීර් රෙහෙමාන් (66) සමග එක්ව ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. සබීර්ගේ සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

බංග්ලාදේශ ඉනිමේ බිඳවැටුණ කඩුලු 6 න් 5 කටම හිමිකම් කීමට නේදන් ලයන් සමත් වූ අතර එය ඔහු ටෙස්ට් තරගයකදී කඩුලු 5 ක් දවාගත් 11 වැනි අවස්ථාව ලෙස සටහන් විය. එහිදී ඔහු ලෝක වාර්තාවක් බිහිකිරීමට සමත් වුනේ බංගලාදේශ කණ්ඩායමේ දැවී ගිය පළමු පිතිකරුවන් හතර දෙනාම එකම ආකාරයකට එනම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගෙන දවා ගනිමිනි.

පළමු පිතිකරුවන් තිදෙනාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් අවස්ථා 17ක දී පන්දු යවන්නන් විසින් දවාගෙන ඇති අතර අවසන් වරට හර්බජාන් සින් විසින් 2011 දී දකුණු අප්‍රිකා පළමු පිතිකරුවන් තිදෙනා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගෙන තිබේ.

 

Rate this item
(0 votes)