April 27, 2024

තරගයට තව දිනයි.. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට තහනමක්

තරගයට තව දිනයි.. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට තහනමක්

පළමු තරගය හෙටයි

ටෙස්ට් තරගමාලාවේදී අත්විඳින්නට සිදුවූ නීරස අන්ත පරාජය හමුවේ ඉවසීමෙන් සිටින ලෙසට ක්‍රිකට් ලෝලීන්ට ආයාචනය කරමින් උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගමාලාවක ආරම්භක තරගය සඳහා හෙට(20) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසෙයි.

ඉන්දියාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 304ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව දෙවැනි තරගය ඉනිමක් හා ලකුණු 53කින්ද, තෙවැනි තරගය ඉනිමක් හා ලකුණු 171කින්ද පරාජය විය.

ගුරුසිංහගෙන් ක‍්‍රීඩකයින්ට තහනමක්

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ‘ක්‍රීඩාගාරය තුළදී  බිස්කට් ආහාරයට ගැනීම‘, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ විසින් තහනම් කොට ඇති බව වාර්තාවෙයි.

පුහුණුකරුගේ හා භෞතික චිකිත්සකවරයාගේ ඉල්ලීම මත මෙය සිදුකළ බව ඔහු පවසා ඇති අතර ඒ හේතුවෙන් අසංක ගුරුසිංහ හා ක්‍රීඩකයින් අතර මත ගැටුමක් ඇතිවූ බවත්, පිඟන් බඩු ආදිය පොළවේ ගසමින් ක්‍රීඩයින් මීට විරෝධය එල්ල කළ බවත් වාර්තා පළවිය.

 

Rate this item
(1 Vote)