April 27, 2024

ලංකාව 07යි.. ඉන්දියාව 04යි ..රංගිරි දඹලු පිටියේ වැඩි වාසි ලංකාවට

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා-ඉන්දීය එක්දින ක්‍රිකට් තරගාවලිය අනිද්දා (20දා) රංගිරි දඹුලු ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන තරගයෙන් ඇරැඹෙයි.

දිවා-රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය දෙපිල අතර පැවැත්වෙන 151 වැනි එක්දින තරගය ලෙස ඉතිහාසගත වන අතර, පැවැති එක්දින තරග 150දී වැඩිම තරග සංඛ්‍යාවක් ජයගෙන ඇත්තේ ඉන්දියාවයි. ඒ අනුව ඉන්දියාව තරග 83ක් ජයගෙන ඇති නමුත් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 55ක් පමණි.

රංගිරි දඹලු පිටියේදී අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාව හමුවී ඇත්තේ වසර 7කට පෙර එනම් 2010 වසරේ අගෝස්තු මස 28දායින් පසුව වීම කැපී පෙනෙන අතර, අවසන් වරට පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත. තවද දෙපිල අතර මෙම පිටියේදී පැවැති තරග 11දී ලංකාව අවස්ථා 7කදී ජයගෙන ඇති නමුත් ඉන්දියාව ජයගෙන ඇත්තේ අවස්ථා 4කදී පමණක් වීමද විශේෂත්වයකි.

එහෙත් 2014 වසරෙන් පසුව මෙම ක්‍රීඩා පිටියේදී එක්දින තරග පහක් පැවැතුණද එම තරග පහෙන් හතරක්ම ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඇති අතර, අනෙක් තරගය වර්ෂාවෙන් හේතුවෙන් අතරමඟ නවතා දමා ඇත.

කෙසේ වෙතත් ඉන්දියාව සමඟින් පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය ලැබූවද අවසන් වරට එංගලන්තයේදී පැවැති ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලංකාව හමුවේ ඉන්දියාව පරාජය ලැබූ හෙයින් හා ලසිත් මාලිංග ඉන්දියාවට එරෙහිව කුමක් කරයිද යන්න සියලු දෙනාගේම අවධානය මෙම තරගයට යොමු වී ඇති බව පෙනෙන්නට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 August 2017 07:27