April 27, 2024

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු මෙන්ම තේරීම් කමිටු සාමාජිකයෙකුද වන අසංක ගුරුසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීම තිරණය කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

සමාජ මාධ්‍ය තුළ ගුරුසිංහ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වාර්තා වන තොරතුරු පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති ගුරුසිංහ පවසා ඇත්තේ තමා ඉල්ලා අස්විමක් බාර නොදුන් බවත් ඉල්ලා අස්විමක් පිළිබඳව කිසිවෙකු හා සාකච්ඡාවක්ද නොපැවැත්වූ බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 August 2017 08:52