April 26, 2024

දග පන්දු යවන්නන්ට පන්න පන්නා පහරදුන් මෙන්ඩිස් ගැන ජඩේජා කියන කතාව

තරගයේ වීරයා සම්මානය දිනා ගත් රවීන්ද්‍ර ජදේජා පවසන්නේ තණතීරුව පළමු ඉනිමේදී වැඩිය දඟ කැවීමක්‌ නොවුණ බැවින් කඩුලු අතර පන්දු යෑවීමට සිදු වූ බවයි.

'තණතීරුව මැද දඟ කැවුණා. කුසල් මෙන්ඩිස්‌ විශිෂ්ට පහරවල් කිහිපයක්‌ එල්ල කළා. ඔහු ඇත්තටම දඟ පන්දු යවන්නන්ට විශේෂයෙන් හොඳින් පහර දුන්නා. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‍ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ ඉන්නවා. හැම තිස්‌සෙම පිතිකරුවන් ස්‌විප් පහරවල් සහ රිවර් ස්‌විප් පහරවල් ගැසූ නිසා පන්දු රකින්නන් ස්‌ථානගත කිරීම් වෙනස්‌ කරන්න සිදු වුණා' යෑයි ජදේජා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 August 2017 07:13