April 26, 2024

රංගන හේරත් පස්සට විසිවෙයි

නිමාව දුටු සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසු අයීසීසී ආයතනය විසින් නවතම ටෙස්ට් ශ්‍රේණිගකිරීම් ලැයිස්තුව ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් ස්ථාන 21ක් ඉදිරියට එමින් ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ 39වැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර තරගාවලිය ආරම්භයට පෙර පන්දුයැවීමේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිටි රවිචන්ද‍්‍රන් අශ්වින් රංගන හේරත් පසුකරමින් දෙවැනි ස්ථානයට පත්වි තිබෙනවා.

මීට අමතරව ගාල්ලේ දස්කම් දැක්වු ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 02කින්ද(17) දිමුත් කරුණාරත්න ස්ථාන තුනකින්ද(36) ඉදිරියට පැමිණ තිබෙනවා.
ඉන්දියානු පළමු ඉනිම අඩපණ කරමින් කඩුලු 06ක් දවාගත් නුවන් ප‍්‍රදීප් ස්ථාන තුනකින්(30) ඉදිරියට පැමිණ තිබෙනවා.

Rate this item
(2 votes)