April 26, 2024

'මහන්සි නොබලා හිතේ හයියෙන් පන්දු යැව්වා'

වෙහෙස නොබලා පන්දු යෑවීමෙන් සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ පළමු වරට කඩුලු පහක්‌ දවා ගැනීමේ සන්ධිස්‌ථානය සටහන් කර ගැනීමට හැකිවූ බව නුවන් ප්‍රදීප් පවසයි. 

''මම කඩුලු හතර බැගින් අවස්‌ථා හත අටකදිම අරගෙන තිබුණා. නමුත් පළමු වරට කඩුලු පහක්‌ දවා ගැනීමට හැකිවීම ඇත්තටම සතුටුයි. මම හිතන්නෙ මේ තරගයේදි තමයි මම ක්‍රියාත්මක කළ සැලැස්‌ම හරියටම හරි ගියේ. පළමු දිනයේදි එතරම් හොඳින් පන්දු යෑව්වෙ නැති වුණත් දෙවැනි දිනයේදි හොඳින් පන්දු යෑව්වා.''

ඉන්දියානු කණ්‌ඩායම ලකුණු 600 ක්‌ ලබා ගැනීමෙන් තම කණ්‌ඩායමේ පන්දු යෑවීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් ප්‍රදීප් පවසයි. ''ඇත්තටම මම කඩුලු හයක්‌ දවා ගත්තත් ඉන්දියානුවන් ලකුණු 600 ක්‌ ලබා ගැනීමෙන් අපේ පන්දු යෑවීම හොඳයි කියන්න බැහැ. වේග පන්දු යවන්නෙක්‌ ලෙස අපිට පන්දු ඕවර 16-17 ක්‌ යවනකොට මහන්සියි. ඒත් මේ තරයේදි මහන්සි නොබලා හිතේ හයියෙන් පන්දු යෑව්ව නිසා කඩුලු හයක්‌ දවා ගත්තා. විශේෂයෙන් විරාට්‌ කෝලි වගේ ලෝකයේ සිටින හොඳම පිතිකරුවකු දවා ගැනීමත් ලොකු සතුටක්‌.''

Rate this item
(0 votes)