April 26, 2024

2015 දි ඉන්දියාවට එරෙහිව දස්කම් දැක්වු ක‍්‍රීඩකයා හෙට තරගයට කැදවයි

ඉන්දියාව සමග පැවැත්වෙන දෙදින පළමු පුහුණු තරගය සදහා ශ‍්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායමට 14 දෙනෙකුගෙන් යුත් ක‍්‍රීඩකයින්ගේ සංචිතයක් නම් කර තිබේ

එහි නායකත්වය ළහිරු තිරිමාන්නට හිමිව ඇති අතර පිතිකරුවන් 08දෙනෙකු,වේග පන්දු යවන්නන් 04 දෙනෙකු හා දග පන්දු යවන්නන් 02කු එයට ඇතුළත්.

2015 ඉන්දියාව අවසන් වතාවේ ශ්‍රී ලංකාවේ සංචාරය කල අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ තරිඳු කෞෂාල් සහ ලහිරු තිරිමාන්න දෙස තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බව ඉන්දීය කණ්ඩායමට එරෙහිව පුහුණු තරඟයට නම් කල සංචිතය දුටු විට දැකගත හැක.

තරගය හෙට සීසීසී පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

පුහුණු තරගයට නම් කළ ශ‍්‍රී ලංකා සංචිතය:

Danushka Gunathilaka, Kaushal Silva, Lahiru Thirimanne, Dhananjaya De Silva, Roshane Silva, Ashan Priyanjan, Sandun Weerakkody, Kithruwan Vithanage, Kasun Rajitha, Lahiru Gamage, Vikum Sanjaya, Vishwa Fernando, Shehan Jayasuriya, Tharindu Kaushal.

Rate this item
(1 Vote)