April 26, 2024

ඉන්දියානු පන්දුයවන්නන් දෙදෙනාට රංගනගෙන් තර්ජනයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම දඟපන්දු යවන්නා වන රංගන හේරත් දැක්වූ දක්ෂතා අනුව ඔහු ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවනන්න අතර දෙවැනි ස්ථානයට පත්ව ඇත.

තරගයේදි හේරත් කඩුලු 11ක් දවාගැනීමට සමත්වූ අතර ඒ හේතුවෙන් ඔහු ශ්‍රේණිගත කිරීම්හි ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ.  එහි ප්‍රථම ස්ථානයේ හා තෙවැනි ස්ථානයේ පිළිවෙළින් ඉන්දීය ක්‍රීඩකයන් වන රවීන්ද්‍ර ජඩේජා හා ආර්. අශ්වින් පසුවෙති.

මේ අතර පිතිකරුවන් අතර ඉදිරියට පැමිණීමට සමත්ව ඇති සේල ගුණරත්න ස්ථාන 19ක් පසුකරමින් 79 වැනි ස්ථානයට පැමිණ ඇත.

Rate this item
(0 votes)