April 27, 2024

මුරලිගෙන් ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාඩමක්

අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇති වී තිබෙන පසුබෑමට කල යුතුව ඇත්තේ හදිසියේම සංගක්කාර, මහේල හෝ තමා කණ්ඩායමට කැදවීම නොවන බව හිටපු සුපිරි දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් සදහන් කරයි.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු සදහන් කරන්නේ කණ්ඩායමේ පහල බැස ඇති දක්‍ෂතා නිවැරදි කර ගැනීම මිස සංගා, මහේල හෝ තමන් කණ්ඩායමට ගෙන ඒම විසදුමක් නොවන බවයි.

ක‍්‍රීඩාවෙන් විශ්‍රාම ගත් පස් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්ව කටයුතු කර නැති නිසා ඒ ගැන කතා කිරීම නිවැරදි නොවන බවද මුරලිදරන් වැඩි දුරටත් සදහන් කර ඇත.

Rate this item
(0 votes)