April 27, 2024

අර්වින්ගේ ශතකය ශ්‍රී ලංකාව රිදවයි

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ ක්‍රෙග් අර්වින්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා ඊයේ ආරම්භ වු පළමුවැනි ටෙස්ට් තරගයේ දිනය නිමා වන විට සිම්බාබ්වේ කණ්ඩායම සිය  පළමු ඉනිම සදහා කඩුලු 08ක් දැවී ලකුණු 344ක් ලබා සිටියේය

තරගයේ පළමු භාගයේ අන්ත අසරණව සිටි සිම්බාබ්වේ කණ්ඩායම තනි අතින් ගොඩගත් අර්වින් දිනය නිමා වන විට සිය ටෙස්ටි දිවියේ හොදම ඉනිම ක‍්‍රීඩා කරමින් නොදැවී ලකුණු 151ක් ලබා සිටියේය.

අර්වින් සිය මව්බිමෙන් පිටතදී ලබාගත් පළමු ටෙස්ට් අර්ධ ශතකය මෙය වන අතර මීට පෙර ඔහු මව්බිමෙන් පිටත ක‍්‍රිඩා කළ හොදම ටෙස්ට් ඉනිම වූයේ බංගලාදේශ පිළට එරෙහිව ලකුණු 34ක් ලබා ගැනීමයි

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රංගන හේරත් සි්ම්බාබ්වේ කණ්ඩායම අසරණ කරමින් කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය

තරගයේ ලකුණු පුවරුව පහතින්.


Rate this item
(0 votes)