May 21, 2024

ලකුණු අටකට අවසන් කඩුලු 06 බිද දමා, ලකුණු 06ක පෙරළිකාර ජයක් ලැබු තියුණු තරගය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ පළමු කොටසේ දෙවැනි වටයේ තරගයකදී වෙස්‌ලි විදුහලේ අවසන් කඩුලු හය ලකුණු අටකට දවා ගනිමින් ලකුණු හයක පෙරළිකාර ජයක්‌ වාර්තා කිරීමට කොළඹ මහානාම විදුහල් කණ්‌ඩායම සමත් විය.

පන්දුවාර 34 කට ලඝූ වී පැවැති මෙම තරගයේදී පළමුව පිති ප්‍රහාරය දියත් කළ මහානාම විදුහල් පිල ලකුණු 104 කට සීමා කිරීමට වෙස්‌ලි විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. අදාළ ඉලක්‌කය හඹා යැමේදී ලකුණු 92 ට කඩුලු 2 ක්‌ දැවී ප්‍රබල තත්ත්වයක පසුවූ වෙස්‌ලි විදුහලේ අවසන් කඩුලු අටම මහානාම ක්‍රීඩකයෝ ලකුණු හයකට දවා ගැනීම සුවිශේෂී වෙයි.

ලකුණු තත්ත්වය

මහානාම විදුහල පන්දුවාර 32 කදී සියල්ල දැවී ලකුණු 104 යි. (පසිඳු ජයරන්ජන 16, ඩිලීෂ තුඩුවගේ 16, සනුර අමරසිංහ 23/4, රාහුල් ගුණසේකර 22/3 යි.)

වෙස්‌ලි විදුහල පන්දුවාර 32.4 කදී සියල්ල දැවී ලකුණු 98 යි. (තිසුරක අක්‌මීමන 37, මොවින් සුබසිංහ 41, විහංග අරංගල 8/3, චමල් පොල්ගම්පල 25/2, සොනාල් දිනුෂ 21/2 යි.

Rate this item
(0 votes)