May 21, 2024

හතුරු, බංගලියන්ට හතුරු වෙයි?

බංගලාදේශ කණ්ඩායමේ ප්‍ර‍ධාන පුහුණුකරු ධූරය දරන චන්දික හතුරුසිංහ මහතා ලබන ඔක්තොම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍ර‍ධාන පුහුණුකරු ධූරය භාරගැනීමට සූදානමකින් සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවෙයි.

පසුගියදා බංගලාදේශ කන්ඩායම මෙරට කළ සංචාරය අතරතුරදී නිළ නොවන මට්ටමින් මේ පිළිබඳ සාකච්ඡා වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට අද අත්ව ඇති ඉරණමත්,එය ජයගැනීම සඳහා හතුරුසිංහ තරම් ජගතෙකු නොමැති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීහු තීරණයකට පැමිණ ඇති බව සඳහන්.

ඒ අනුව එම සාකච්ඡා සාර්ථක වී ඇති බවත් හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාරීත්වය භාරගැනීමට සූදානම් බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරයෙන් ඉවත්වන බවට අස්වීමේ ලිපිය බංගලාදේශ ක්‍රිකට් ආයතනයට භාරදී ඇති නමුත්,සිය ධූරයෙන් ඉවත්ව යෑමේදී අවම වශයෙන් මාස 3කට පෙර එරට ක්‍රිකට් ආයතනය දැනුවත් කළ යුතු බවට ගිවිසුමේ සඳහන් වී තිබීම නිසා ඔහුගේ පැමිණීම ලබන ඔක්තොම්බර් මාසය දක්වා කල්යෑමට හේතු වූ බව පැවසෙයි.

කෙසේ වෙතත් බංගලාදේශ ක්‍රිකට් ප්‍ර‍ධානී නස්මුල් හසන් පසුගියදා පවසා තිබුණේ හතුරුසිංහ මහතා බංගලාදේශ ක්‍රිකට් පුහුණුකරු ධූරයෙන් ඉවත් නොවේවි යැයි තමාට දැඩි විශ්වාසයක් පවතින බවය.

Rate this item
(2 votes)