May 21, 2024

හතුරුසිංහව ලංකාවට ගන්න හදන එක ගැන බංග්ලාදේශය උත්තර දෙයි

චන්දික හතුරුසිංහව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුනුකාරිත්වයට පත් කිරීමට කැමැත්තෙන්  සිටියත්  ඔහු සිය කොන්ත්‍රාත් කාලය  අවසන් වන තෙක් බංග්ලාදේශයේ රැඳී සිටිනු ඇති බවට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කර තිබෙනවා.

එහි  සභාපති නස්මුල් හසන්  සඳහන් කර ඇත්තේ ඕනෑම කෙනෙකුට ඔහුව පුහුණුකරුවෙකු ලෙස අවශ්‍ය විය හැකි බවයි.

ඔහුත් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා නොකල බවද පවසන ඔහු "අපි ඔහු සමඟ 2019 ලෝක කුසලානය තෙක් ගිවිසුම් ගතව ඉන්නවා. අපිට විශ්වාසයි ඔහු අපිත් සමග ඒ දක්වා රැඳී සිටීවි කියලා" යනුවෙන්ද පවසා තිබෙනවා.

Rate this item
(0 votes)