May 20, 2024

දෙවන එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු හතකින් පරාජයට  පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් පහසු ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 30.1කදී කඩුලු තුනක් දැවී ලකුණු 158ක් රැස්කරමින් තරගය ජයගත්තේය.

ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමටත් ශ්‍රී ලංකාවට හැකිවිය. උපනායක උපුල් තරංග පන්දු 86කදී හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 75ක් රැස්කිරීමට සමත්විය.

මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 155ක් පමණි. ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ හැමිල්ටන් මැසකඩ්සා ලකුණු 41ක් රැස්කළේය. ලක්ෂාන් සඳකැන් කඩුලු 4ක් හා වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත්හ.

Rate this item
(0 votes)