May 21, 2024

හතරේ පහර 22ක්.. හයේ පහර හයක්..- අතපත්තු ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ කාන්තා සලකුණ තැබූ හැටි

කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකාරිනී චමරි අතපත්තු ශතකයක් වාර්තාකිරිමට සමත්වූවාය.

ශ්‍රී ලංකා ඉනිමේ අංක තුන පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි ඇය පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේ පටන් පිටියේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 178ක් රැස් කළාය. ඇය පන්දු 143කින් ලකුණු 178 රැස්කළ අතර එයට හතරේ පහර 22ක් හා හයේ පහර 6ක් ඇතුළත්විය.

ඒ අනුව ඇය කාන්තා එක්දින තරගවලදී තෙවැනියට ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතකාරිනිය බවටද පත්වූවාය. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ බෙලින්ඩා ක්ලාක් ලකුණු 229ක් රැස්කරමින් ප්‍රථම ස්ථානයද, ඉන්දීය කණ්ඩායමේ දීප්ති ශර්මා ලකුණු 188ක් රැස්කරමින් දෙවැනි ස්ථානයේදී පසුවෙයි.

කෙසේ වෙතත් අනෙකුත් පිතිකාරියන්ට ලකුණු 25 සීමාව ඉක්මවා යෑමට නොහැකිවූ අතර ඒ හේතුවෙන් පන්දුවාර 50 අවසානදේයී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ කඩුලු 9ට ලකුණු 257ක් පමණි.

තරගාවලිය ආරම්භකරමින් නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදීත් චමරි ලකුණු 53ක් රැස්කිරීමට සමත්වූවාය.

චමරි තවමත් 27 වැනි වියේ පසුවන අතර ඇය මේ වන විට එක්දින තරග 60කදී ලකුණු 1728ක් රැස්කරගෙන ඇත.එයට ශතක දෙකක් හා අර්ධ ශතක 12ක් ඇතුළත්ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 June 2017 20:09