May 20, 2024

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තීරණයට මහේල එකග නොවයි

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විවේචනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා වන ලසිත් මාලිංගට ලබාදුන් මාස හයක අත්හිටවූ තහනමට එකඟ නොවන බව මහේල ජයවර්ධන සඳහන් කරයි.

මහේලගේ ට්විටර් අනුගාමිකයෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහේල මේ බව සඳහන් කරයි.  ක්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව මාධ්‍යයට අදහස් දැක්වීම හේතුවෙන් මාලිංගට වසරක තරග තහනමක් පනවා එය මාස හයකට අත්හිටවීය.

තහනමට අමතරව මාලිංගගේ ඊළග එක්දින තරග ගාස්තුවෙන් 50%ක දඩයක්ද මාලිංගට පවරා තිබේ. කෙසේ වෙතත් සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩා කිරිමට මාලිංගට මෙම තරග තහනම හරහා බාධාවක් ඇති නොවේ

Rate this item
(0 votes)